20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව බව

සඳහන් ලියකියවිල්ලක් මේවනවිට සයිබර් අවකාශයේ සංසරණය වෙමින් තිබෙන අතර ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යේෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය!

ජනාධිපතිගේ 33(1) යටතේ තිබු බලය ඉවත් කිරීම වැරදියි! ( 20 හි 3 වන යෝජනාව)

ජනාධිපතිගේ ක්‍රියාවකට එරෙහිව මානව හිමිකම් නඩු පැවරීමට තිබු බලය ඉවත් කිරීම වැරදියි! (20 හි 5 වන යෝජනාව)

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරුවිමට ඇති බලය ඡන්දයකින් පසු අවුරුද්දක් දක්වා අඩු කිරිම වරදියි! ( 20 හි 14 වන යෝජනාව)

මැතිවරන කොමිසම ලබාදෙන නිර්නායක ඉවත් කිරීම වැරදියි!  (20 හි 20 වන යෝජනාව)

අනික් සියලුම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  83 වන වගන්තියට අනනුකුල නැහැ.

 

සිරිසඟබෝ රංගනයක!

ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසඟබෝ රංගනයක යෙදෙමින් තමන්ගේ ස්වාධිනත්වයට බලපැමක් ඇති කිසිදු යෝජනාවක් පිලිබඳව විවරනයක නොයෙදීම විශ්මය ජනකය.

පාර්ලිමේන්තු කවුන්සිලයේ මතය නොවිමසා ඉහල තනතුරුවලට පත්කිරිමට ජනාධිපති සතුබලය (අගවිනිසුරු ඇතුලුව) ප්‍රශ්නයක් නොවන බව කියයි.

ශ්‍රේෂ්ඨාධිකරනය මතය වි ඇතිබව පෙනෙන්නේ ජනපතිට එරෙහිව මානව හිමිකම් පැවරීමේ බලය ආරක්ෂාවන නිසා ජනාධිපතිගේ බලය ඉක්මවා යාමකදි ප්‍රතිකර්මයක් පවතින නිසා තනතුරුවලට පත්කිරිමෙදි ද යම්හෙයකින් බලය ඉක්මවා ගියහතොත් එවැන්නක් ද එලෙස අභියෝග කල හැකිවනු ඇති බවයි.

කෙසේ නමුත් විගණකාධිපතිගේ ස්වාධිනත්වය ජාතික විගණන කොමිසම හා ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරිම පිලිබඳව අධිකරනය කලබලවී නැතිබව පෙනියයි.

ද්විත්ව පුරවැසි භාවය පිලිබඳවද අධිකරනයේ මතය වී තිබෙන්නේ එමගින් ජනතාවගේ පරමාධිපත්‍යට අභියෝගයක් වන්නේ නැති බවයි.

sHIRAL POST

 

සබැඳි පුවත් :

අවකාශයේ සංසරණය වන 'ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය' ගැන කතාබහක් ! 

 'අන්තර්ජාල ශ්‍රේෂ්ඨාධිකරණ ලියමන' දැක පෙත්සම්කරුට සිරිසඟබෝ සිහිවෙලා ! 

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් තීන්දුව එයි - 'කොපියක්' අන්තර්ජාලයේ ! 

විස්සේ වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අහිතකරයි-  නීතිඥ අර්මිසා ටීගල් 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්