ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අපි ගරු කරනවා සේම අපේ රටේ නීතියට ද ගරු කරන ලෙස
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඉදිරියට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ නිවැරදි දේ කිරීමට තමාගේ සහයෝගය ලබා දෙන බව ද ඇමතිවරයා ප්‍රකාශකර ඇත.

ඒ අද අද (11) දින පැවති විශේෂ සාකච්ඡාවක දීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගොස් කල දැනුම්දීමකට අනුව ඔවුන් වෙත දේශපාලන බලපෑම් ඇතිදැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගැනීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගිය මාර්තු 29 වන දින ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා යවා තිබු බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එයට පිළිතුරු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023.04.11 වන දින ලිපියක් මගින් මෙය රට තුළ ඇති ගැටලුවක් ලෙස හදුනාගත් බවත්, ඒ සදහා මේ මොහොතේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත්වීම අවශ්‍ය නොවන අතර සාකච්ඡාවක් ද අවශ්‍ය නොවන බවට ප්‍රකාශයක් නිකුත් කළ ද මැයි 10 වන දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දැනුම් දීමක් සිදු කර තිබු බව ද ක්‍රීඩා අමාත්‍යංශය කියා සිටියි.

ඒ අනුව, දිවයිනට පැමිණි ඉම්රාන් කවාජා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සමඟ සාකච්ඡාවකින් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට පැමිණෙන බව දැනුම්වත් කර ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලයෙන් මේ සම්බන්ධයෙන් නිළ වශයෙන් පෙර දැනුම්දීමක් සිදු කර නොමැති වූවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමෙන් අනතුරුව අද (11) දින එම සාකච්ඡාව සඳහා වෙලාව වෙන් කර දී තිබේ.


ලෝකයේ ප්‍රමුඛස්ථානයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත ලෝක කුසලානය සඳහා තරග කිරීමට තේරීම් තරගවලට මුහුණ දීම දක්වා කඩා වැටී ඇති ආකාරය එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ තත්ත්වයෙන් නැවත නැගී සිටීමට කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බව මෙම සාකච්ජාවේදී අවධාරණය කළ බව ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් පාර්ලිමේන්තුවට හා ජනතාවට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් වගකීමට බැදී සිටින බවද සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරියේදී සියලු පාර්ශවයන් සමඟින් නිවැරදි සැළසුමක් සහිතව වැඩ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කර දුන් බවද ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උපායමාර්ගික ජ්‍යෙෂ්ඨ කළමනාකරු අම්මාර් ෂෙයික්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ඒ.මුතුමාල, ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි එක්ව සිටියහ.

 {gallery}Ministry of Sports and Youth Affairs{/gallery}

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්