leader s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja)


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයෙක් ලබන සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ල වන බවට වන පැමිණිල්ලට ආදලව කරුණු සොයා බැලීම සඳහා පත් කර ඇති කමිටුවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ. ශා ය.

ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.


 සාමාජික රටවල් වල සාමාජිකත්වයට සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කටයුතු කරන ඉම්රාන් කවාජා (Imran Khwaja) , ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය හා අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයා ද මුණ ගැසී මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට නියමිත බව වාර්තා වේ.


මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වන අකටයුතුකම් හා දේශපාලන බලපෑම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව නීති විරෝධී අයුරින් වෙනස් කිරීමට දරණ උත්සාහයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ අතරතුරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැනට පවතින ව්‍යවස්ථාව සහ ඊට අදාල අනෙකුත් කාරණා සම්බන්ධයෙන් වර්තමානයට ගැළපෙන පරිදි සකස් කිරීම සඳහා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ නවීන් මාරපන ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර ඇත.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා රගර් සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සංගමය ජාත්‍යන්තර තහනමට ලක්වූ අතර, ශ්‍රී ලංකා පාපන්දු සංගමයට එල්ල කළ අනිසි බලපෑම් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ පාපන්දු සම්මේලනය අතර දැඩි මතභේදාත්මක තත්වයක් ඇතිවිය.

මේ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට එල්ල වී ඇති දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව ඔලිම්පික් කමිටුවේ ආරංචි මාර්ග සටහන් කරයි.

මෙම සොයා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවට කරුණු සනාථ වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට කටයුතු කරන බවත්, එසේ වුවහොත් ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරග සඳහා සුුදුසුකම් ලබාගැනිමේ වටයට සහභාගී වීම පවා අවධානමකට ලක්විය හැකි බවත් ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්