leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.)
උප සභාපති ඉම්රාන් කවාජා (Imran Khwaja) අද (10) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව හමුවීමට නියමිතය.



එම නියෝජිත පිරිස කොළඹ ප්‍රධාන හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හමුවීමට නියමිත බවත් එම පිරිස ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ද හමුවීමට නියමිත බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ල වන බවට වන පැමිණිල්ලට ආදලව කරුණු සොයා බැලීම සඳහා පත් කර ඇති ජාත්‍යන්තර කමිටුවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ. ශා ය.

ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.



සබැඳි පුවත් :
දේශපාලන අතපෙවීම් සෙවීමට ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ලංකාවට!

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්