leader s

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC ) උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට්

ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක හමුවිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයා මෙරටට පැමිණ ඇත්තේ,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ය.

ඉම්රාන් කවාජා ඊයේ රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව හමු වීය.

ඉම්රාන් කවාජා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ල වන බවට වන පැමිණිල්ලට ආදලව කරුණු සොයා බැලීම සඳහා පත් කර ඇති ජාත්‍යන්තර කමිටුවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ. ශා ය.

ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.


සබැඳි පුවත් :


අයි.සී.සී. නියෝජිතයා අද ක්‍රිකට් විධායක කමිටුව හමුවෙයි

දේශපාලන අතපෙවීම් සෙවීමට ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ලංකාවට!

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්