දක්ෂිත සුමතිපාල

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල ගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් ප්‍රතික්ෂේප වී තිබේ.

පාපන්දු නිලවරණ කමිටුව දක්ෂිත ට සහය දක්වන ඉතිරි නාමයෝජනා 08 පමණක් අනුමත කර ඇති අතර, මේ අනුව නිලවරණයෙන් ජස්වර් උමාර්ගේ පාර්ශ්වයට වැඩි වාසි නිර්මාණය වී ඇත.

කෙසේ වුවද මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ලබන මස 03 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව නිලවරණ කමිටුව අදාළ අපේක්ෂකයන්ට සලසා දී ඇත.

සභාපති තනතුරට නාමයෝජනා ලබාදුන් දක්ෂිත සුමතිපාල, උපසභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්), නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන අයගේ නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

වාර්තා වන පරිදි මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ, අනුබද්ධිත පාපන්දු ලීග්වල වසර 04ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරු වීමයි.

1625050799 jaswar umar football sri lanka

හිටපු සභාපති ජස්වර් උමර් 

දක්ෂිත සුමතිපාල ගේ පාර්ශ්වයේ අභියාචනා  ප්‍රතික්ෂේප වුවහොත් හිටපු සභාපති ජස්වර් උමර් නිතරගයෙන් සභාපති තනතුරට පත්වන අතර අනෙක් ප්‍රධාන තනතුරු 04ට ද නිතරග අවස්ථා හිමිවේ.

නිලවරණ කමිටුව හිටපු සභාපති ජස්වර් උමර් ගේ කණ්ඩායමේ නාමයෝජනා 13ම අනුමත කිරීම සුවිශේෂිය.

නිලවරණ කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු යූ. එල්. අබ්දුල් මජීඩ් කටයුතු කරන අතර, සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික විනිසුරු බන්දුල කේ. අතපත්තු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි ගුණසේකර කටයුතු කරයි. 

IMG 0627

IMG 0628

IMG 0629

IMG 0630


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image