2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තේමා ගීතය "දිල් ජශ්නේ බෝලේ" ඊයේ (20) දින අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළ යූ ටියුබ් ගිණුම ඔස්සේ නිකුත් කළ මෙම ගීතය බොලිවුඩ් සංගීතවේදී ප්‍රීතම් විසින් නිර්මාණය කර ඇති අතර ඊට ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී රන්විර් සිං සිය දායකත්වය සපයා ඇත. 

මෙම කාර්යයට දායක වීමට ලැබීම ගෞරවයක් බවත් "එය අපි කවුරුත් ආදරය කරන ක්‍රීඩාවේ සැමරුමක්," බවත් රංගන ශිල්පී රන්වීර් සිං මාධ්‍ය වෙත පවසා තිබේ.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙයි.

ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක් සහභාගි වෙයි.

ක්‍රිකට් ලෝක කුසලාන නිළ ගීතය පහතින් නරඹන්න, 

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්