ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධනය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
දැවැන්ත ප්‍රේක්ෂකය ප්‍රතිචාර මැද එදින රාත්‍රියේ පළමු සටන ලෙස Kavindu “Phoenix” Rasanjaya සහ “Dreamer” Gayan Pradeep අතර සටන ආරම්භ වුණා.
ආරම්බයේ සිටම ඉතා ජවසම්පන්න තරඟයක් වූ මෙහි සටන කරුවන් වේගවත් ප්‍රහාර රැසක් හුවමාරු කර ගත්තා.
තරඟයේ එක අවස්ථාවක Kavindu “Phoenix” Rasanjaya එල්ල කළ පහරකින් “Dreamer” Gayan Pradeep ''Knockout'' වීමට ලක් වීමත් සමඟ Kavindu “Phoenix” Rasanjaya ට තරඟයේ ජය හිමි වුණා.
කාන්තා අංශයේ සටන් ආරම්භ කරමින් ප්‍රථමයෙන් සටන් වළල්ලට පිවිසියේ Pavani “Yukio” De Lanka සහ Divya “Chaos Pixie දෙපලයි.
ආරම්භයේ සිටම දැඩි ප්‍රහාරයක නිරත් වූ Divya “Chaos Pixie ට තරඟයේ ජයග්‍රහණය හිමි වුණා.
තරඟ අතරතුර පැවති විවිධ සංගීතමය (DJ ) විශේෂාංග KFL හි පළමු සටන් රාත්‍රිය නරඹන්නට පැමිණි ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් එක් කරන්නට සමත් වුණා.
තෙවැනි තරඟය ලෙස ආරම්භ වුයේ Gihan “Sonic” Prasanna සහ “CJ” Christine Jayasath අතර තරඟයයි, සටන්කරුවන් දෙදෙනාම කරට කර සටනක් තරඟ වට 3 පුරාවටම ලබා දුන්නේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සටනක ආස්වාදයක් ලබා දෙමින්.
Gihan “Sonic” Prasanna විනිසුරු තීරණය අනුව තරඟයේ ජයග්‍රහණය හිමි වුණා.
අනතුරුව Hasith “Blaze” Madushanka සහ Mohammed “Shakir” අතර තරගය ආරම්හ වුණා
Hasith “Blaze” Madushanka තරගයේ මුල සිටම හොද ප්‍රහාරයක් දියත් කලත් අනපේක්ෂිත මොහොතක Mohammed “Shakir” එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් referee විසින් තරගය නතර කිරීමත් සමඟ තරඟයේ ජය හිමි වුණේ Mohammed “Shakir” ටයි.
KFL හි සටන් රාත්‍රියේ උද්වේගකරම තරඟ වන Main Events ආරම්භ වුණේ ඉන් අනතුරුවයි
ඒ යටතේ ප්‍රථමයෙන් සටන් බිමට පිවිසියේ Hansana “Bubbles” Balasuriya සහ The Undefeated Nimesha Kumari දෙපළයි
ඉතා තීරණාත්මක මෙන්ම ප්‍රබල සටනක් මෙහිදී සටන්කාරිනියන් දෙදෙනාම ප්‍රදර්ශනය කළා.
ශ්‍රී ලංකාවේ අපරාජිත සටන්කාරිය වන Nimesha Kumari හොඳ අභියෝගයක් එල්ල කිරීමට Hansana “Bubbles” Balasuriya සමත් වුණත් අවසානයේ Nimesha Kumari තරඟය ජයග්‍රහණය කරමින් තම අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට සමත් වුණා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වන්ද සටන ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.
ඒ ලංකාවේ Kumudu Prasanna ට අභියෝග කළ ඉන්දියාවේ Shahbas
අතරයි.
මෙම තරඟය තුළ දෙදෙනාගෙන්ම සියලු තාක්ෂණයෙන් අනූන උද්වේගකර සටනක ආස්වාදය විදින්නට ප්‍රේක්ෂකයනට අවස්ථාව හිමි වුණා.
කෙසේ වෙතත් අවසානයේ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාවේ Kumudu Prasanna ට තරඟයේ ජය හිමි වුණා.
ඉන් අනතුරුවයි KFL හි පළමු සටන් රාත්‍රියේ දැවැන්තම සහ වඩාත් උද්වේගකරම තරඟය වුණු Brian “The Iron” Choltan සහ Gevin “The Berserker” Linden අතර තරගය ආරම්භ වුණේ.
ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණු මේ තරඟය පුරාවටම දෙදෙනාගෙන්ම දැවැන්ත පහරවල් සමගින් ජවසම්පන්න සටනක් දක්නට ලැබුනා.
සටන තුල සටන්කරුවන් දෙදෙනාම එල්ල කල පහරවල් හේතුවෙන් වරින් වර දෙදෙනාම බිම ඇද වැටුණත් නැවත නැගී සිටිමින් දෙදෙනාම බිහිසුණු සටනක නිරත වුණා.
තරඟය කොතරම් උණුසුමද කිවහොත් තරඟ වට 3 අවසානයේදී විනිසුරුවන්ට පවා තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට නොහැකි වීමෙන් තරඟය අමතර වටයකට ගෙන ගියා.
එහිදී තියුණු සටනකින් අනතුරුව Brian “The Iron” Choltan පරාජය කරමින් Gevin “The Berserker” Linden ට තරඟයේ ජය හිමි කර දෙමින් KFL හි පළමු සටන් රාත්‍රිය එලෙස නිමාවට පත් වුණා.
එදින රාත්‍රියේ විශේෂ අවස්ථාවන් සහිත වීඩියෝව පහතින්
මේ උද්වේගකර සටන් සියල්ලම ඉදිරියේදී supreme sports යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමට ද ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වනවා.