අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියේ සෑම්ප් ආමි කණ්ඩායමට එරෙහි තරගය ඇන්ජලෝ මැතිව්ස්

නායකත්වය දරන නොදර්න් වොරියර්ස් කණ්ඩායම ජය ගෙන තිබේ.

අබුඩාබි ටී ටෙන් හෙවත් පන්දුවාර 10 යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 අදියර ඊයේ (28) ආරම්භ විය.

එහි නොදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ කාසිය වාසිය හිමි කරගත් සෑම්ප් ආමි කණ්ඩායම තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 103 කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෑම්ප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 94ක් පමණි.

ඒ අනුව නොදර්න් වොරියර්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 9කිනි.

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ද දවා ගත්තේ ය.

zdfvsdf
තරගයේ 9වෙනි පන්දුවාරයේ පළමු, දෙවන සහ තෙවන පන්දුවලදී මැතිව්ස් මෙම දක්ෂතාවය දක්වනු ලැබීය.

නොදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 කට 103
(කෙනාර් ලුවිස් 18, හස්රතුල්ලා සසායි 20, කොලින් මුන්රෝ නොදැවී 36, කයිස් අහමඞ් 12/2)

මොරිස්විල් සැම්ප් ආමි පිල - ඕවර 10 කදී කඩුලු 4 කට 94
(ඇන්ඩි්‍රස් ගූස් 15, මුයින් අලී 37, නජිබුල්ලා සද්‍රාන් 13, ඇන්ජලෝ මැතිව්ස් 19/3, අභිමන්‍යු මිතුන් 12/2, ජේම්ස් නීෂම් 19/2)

(News 1st) 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්