විසිතුන් හැවිරිදි නෝවේජියානු ජාතික ආක්‍රමණශීලී ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් (Erling Haaland) ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයන් තරග වදින

පාපන්දු ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලිය වන ‘ප්‍රිමිය ලීගයේ’ වැඩිම වේගයෙන් ගෝල් 50ක් ලබා ගත් ක්‍රීඩකයා ලෙස නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. 

‘ලිවපූල්’ පිල සමග පසුගියදා පැවති තරගයේදී ඔහු වාර්තා කළ පළමු ගෝලය හාලන්ඩ් 2022 වසරේදී පවුම් මිලියන 51ක මුදලකට ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමට එක්වීමෙන් පසුව ලබා ගත් 50 වැනි ගෝලය. මේ දක්ෂතාවත් සමග, දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඉංග්‍රීසි ජාතික ඇන්ඩි කෝල් (Andy Cole)ගේ වේගවත්ම ප්‍රිමිය ලීග් ගෝල් 50 වාර්තාව බිඳ වැටුනා.

231125091743 restricted 02 erling haaland 11 25 2023

හාලන්ඩ් 50 වැනි ගෝලය ලබා ගත්තේ ප්‍රිමිය ලීගයේ ඔහුගේ 48 වැනි තරගයේ. ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ඇන්ඩි කෝල් ප්‍රිමිය ලීගයේ 50 වැනි ගෝලය ලබා ගත්තේ ඔහුගේ 65 වැනි තරගයේ. මේ අනුව හාලන්ඩ් ඔහුගේ ගෝල් 50 වාර්තා කළේ කෝල් ට වඩා තරග 17ක් අඩුවෙන් ක්‍රීඩා කරමින්.

කෙසේ වෙතත් නව වාර්තාව සහ පැරණි වාර්තාව අතර සුවිශේෂී වෙනසක් තිබෙනවා. හාලන්ඩ්ගේ ගෝල් එකතුවට පෙනල්ටි පහර ද ඇතුළත් වන අතර කෝල් කිසිම අවස්ථාවක පෙනල්ටි පහරක් එල්ල කර තිබුනේ නැහැ.

හාලන්ඩ්‌ වේගවත්ම ප්‍රමිය ලීග් ගෝල් 50 ඔහුගේ 48 වැනි තරගයේ වාර්තා කිරීමෙන් පසුව සුපිරි ආක්‍රමණශීලී පාපන්දු ක්‍රීඩක ලැයිස්තුවක මුදුනට පිවිස සිටිනවා. ඒ අනුව ඔහු Alan Shearer (තරග 66), Ruud van Nistelrooy (68), Fernando Torres (72) හා Mohammed Salah (72) යන ක්‍රීඩකයන් අභිබවා යාමට සමත් වුනා.

හාලන්ඩ් මීට කළින්, තරග 38කින් සමන්විත ප්‍රිමිය ලීග් එක් තරග වාරයක වැඩිම ගෝල් වාර්තාව බිහිකළේ ගෝල් 33ක් ලබා ගනිමින්. ඔහු සිය වාර්තාගත ගෝලය ලබා ගත්තේ ‘ආසනල්’ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින්. හාලන්ඩ් බිඳ දැමුවේ 2017-18 ප්‍රිමිය ලීග් තරග වාරයේදී ‘ලිවපූල්’ කණ්ඩායමේ මොහමඩ් සලා ගෝල් 32ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාව. 

අර්ලිං හාලන්ඩ්ගේ මීළඟ ඉලක්කය වනු ඇත්තේ ප්‍රිමිය ලීගයේ අනෙක් වාර්තාව වන වේගවත්ම ගෝල් 100.

මේ වාර්තාව උසුලන්නේ ප්‍රිමිය ලීග් පාපන්දු තරගාවලියේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින Alan Shearer. ශතකය ලබා ගැනීම සඳහා ඔහු සහභාගි වූයේ තරග 124කට පමණක් වීම විශේෂත්වයක්.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්