ශ්‍රී ලංකා යුද හමුදාව රන් පදක්කම් 147ක් රිදී පදක්කම් 144ක් හා ලෝකඩ පදක්කම් 112ක් ලබා ගෙන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම

ස්ථානයට පත්වුනා.


වසරක් පුරා ඉසව් 38ක් යටතේ පැවති මේ 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ රන් 77ක්, රිදී 71ක් හා ලෝකඩ 100ක් ලබා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ශ්‍රී ලංකා නාවික හමුදාව රන් 69ක්, රිදී 86ක් හා ලෝකඩ 69ක් ලබා ගෙන තෙවැනි ස්ථානයට පත්වුනා.

sp won
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව ඔවුනොවුන්ගේ ක්‍රීඩා හැකියාවන් උරගා බලන මෙවර ක්‍රීඩා තරගාවලිය ආරම්භ වුනේ 2022 ඔක්තෝබර් 26 වැනිදා. ජාතික හා ජාත්‍යන්තර තරග බිමේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු තුන්දහසක් පමණ වූ ආරක්ෂක සේවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ මේ ක්‍රීඩා උළෙලේදී නව වාර්තා හතරක් ද බිහිවීම විශේෂත්වයක්.

sp 345698

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ක්‍රීඩා තරගාවලියන් අතරින් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගි වන්නේ ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියට බව සංවිධායකයින් පවසනවා. මේ තරගාවලියේ පැවති මලල ක්‍රීඩා ඉසව් පළමු වතාවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ ලියාපදිංචි කර ඇති බැවින් එම ඉසව්වල දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම සම්මේලනය විසින් ප්‍රසාද ලකුණු ලබා දෙනු ඇති අතර එය ඔවුන්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා මහඟු පිටුවහලක් වනු ඇති බව සංවිධායකයින් ප්‍රකාශ කරනවා.

sp34235

මේ තරගාවලියේ දස්කම් ප්‍රදර්ශනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍රිවිධ හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් නිසි පුහුණුවක් ලබා දී ජාතික ක්‍රීඩා සංචිත වෙත අනුයුක්ත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව පැවසෙනවා.

වර්තමානයේ ජාතික ක්‍රීඩා සංචිතවලට ඇතුළත්ව සිටින මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දෙනෙක් ත්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන අය බවත් ඔවුන්ට එම අවස්ථාව උදාවීමේදී ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවත් සංවිධායකයින් පෙන්වා දෙනවා.

sp 3456

12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගණයේදී පසුගියදා අභිමානවත් අයුරින් පැවැත්වුනේ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති හා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ සහ රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. 

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ‌ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ ද මේ අවස්ථාවට සහභාගි වුනා.

sp34567
මෙවර ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව. විචිත්‍රවත් ලෙසින් පැවැත්වුනු සමාප්ති උළෙලේ රාත්‍රියේදී නිදහස්ආර පැරෂුට් පැනීමේ භටයින්ගේ සංදර්ශනයක් ද ඉදිරිපත් කෙරුණා. ලබන වසරේ මෙම ක්‍රීඩා උළෙලේ සංවිධානය භාරව සිටින්නේ ශ්‍රී ලංකා යුද හමුදාව.

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්