පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශුද්ධ පවිත්‍ර කෙරෙන සෙන් ගංගාවේ තමා පිහිනන බව ප්‍රංශ ජනාධිපති එමනුඅල් මැක්රොන්

(Emmanuel Macron) නිර්භිතව කියා සිටිනවා.

ඔහු මේ ප්‍රකාශය කළේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අලුතින් ඉදිවන ක්‍රීඩා සංකීර්ණයේ සංචාරය කළ අවස්ථාවේ. 

සෙන් නදියේ අපිරිසිදුකම අඩු කිරීම පැරිස් ඔලිම්පික් උළෙලේ එක් ධනාත්මක දීර්ඝකාලීන ප්‍රතිඵලයක් බව මැක්රොන් සඳහන් කරනවා. 1923 වසරේ සිට පිහිනීම තහනම් කරන ලද සෙන් ගංගාව නැවත පිහිනිය හැකි ස්ථානයක් බවට පත්කිරීම සඳහා අසාමාන්‍ය තරමට මහජන මුදල් ආයෝජනය කර ඇතැයි ජනපති පෙන්වා දෙනවා.

 

WhatsApp Image 2024 03 05 at 15.19.23

 

මැක්රොන් ද සෙන් ගංගාවේ ස්නානය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ, “මම...ඔව්, මම නානවා” යනුවෙන්.

  



නමුත් ඒ කවදාදැයි කීමෙන් ඔහු වැළකී සිටියා. 

“මම දවස කවදාද කියලා ඔබට කියන්නේ නැහැ. මොකද, එදාට ඔබත් එන්න ඉඩ තියෙන නිසා...’ මැක්රොන් පැවසුවා.

 

37441521842 048d6502c7 b


ප්‍රංශයේ ජනාධිපතිවරයා පිහිනුම් කොට කලිසමක් පැළඳ සෙන් ගංගාවට බැසීම කෙසේ වෙතත්, අනාගත අධිආරක්ෂිත ඔලිම්පික් ගම්මානයට මැක්රොන්ගේ පැමිණීමෙන් ඉස්මතු වූයේ ප්‍රංශ අගනුවර පිහිටි දිළිඳු උපනගරවල තිබෙන වරප්‍රසාද නොලත් පෙදෙස්වල ජීවන තත්ත්වය දියුණු කිරීම පිණිස පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල උපකාරී වන අන්දම යි.

 

building 3

පරිසරයට හිතකර ඔලිම්පික් ගම්මානය රැකියා 2,000ක් නිර්මාණය කර තිබෙන අතර මෙයින් රැකියා අවස්ථා 1,136ක් ලබා දී තිබෙන්නේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට. මේ සඳහා යුරෝ බිලියන 2ක් (ඩොලර් බිලියන 2.2) පමණ වැයවන අතර මෙයින් වැඩි ප්‍රමාණයක් ආයෝජනය කර තිබෙන්නේ දේපළ සංවර්ධනය කරන්නන් වූව ද යුරෝ මිලියන 646ක (ඩොලර් මිලියන 700) මහජන මුදල් ද මීට ඇතුළත්. 


මැක්රොන් බලා සිටියදී Solideo නමැති ඔලිම්පික් ඉදිකිරීම් ආයතනය ඔලිම්පික් ගම්මානයේ යතුර පැරිස් ඔලිම්පික් සංවිධායකයින්ට පසුගියදා බාර දුන්නා.

“අද මේ දවස අපට ලොකු දිනයක්” යනුවෙන් ප්‍රංශයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. “මෙය, ප්‍රංශය යනු ඉදිකිරීමේ දේශයක් බවට ප්‍රදර්ශනය කිරීමක්.”

 

building 1

 


සබැඳි ලිපියක් :
සෙන් ගංගාවේ කිලිටි ජලය ඔලිම්පික් පිහිනුම් තරගවලට ලොකු ප්‍රශ්නයක්


 සටහන :
 (වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්