leader s

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් විය.


ඒ බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජය කරමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කළේය.

පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත් අතර ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදිමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත්වූවෝය.

චමරි අතපත්තු ලකුණු 12ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස්කළ අතර හර්ෂිතා මාධවවී නොදැවී ලකුණු 33ක් රැස් කළාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 2ක් දැවී යග්‍රාහී සීමාව පසුකර ගියේය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්