leader s

ජකාර්තා නුවර පසුගියදා පැවති ලෝක රිද්මයානුකූල ජිම්නාස්ටික්ස් ශූරතාවලියට සහභාගි වීමට සූදානම්ව සිටි ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අනාගත තරගාවලියන් සඳහා සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව සමග කිසිම ආකාරයේ කතාබහක් නොපැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) තීරණය කර තිබෙනවා.


ඉන්දුනීසියානු රජයේ තීරණයට එරෙහිව ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් සම්මේලනය ක්‍රීඩා බේරුම්කාර උසාවියට (CAS) ඇපෑලක් ඉදිරිපත් කරමින් තමන්ගේ ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස හෝ ඒ සඳහා බලකරන ලෙස හෝ තරගාවලිය අහෝසි කරන ලෙසට ඉල්ලා තිබුනා.

කෙසේ වෙතත්, CAS එම ඇපෑල ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඊශ්‍රායලයේ ක්‍රීඩකයන්ට ලොව වැඩිම මුස්ලිම් ජාතික පිරිසකගෙන් ජනාකීර්ණව තිබෙන රටේ ඔක්තෝබර් 19 සිට 25 දක්වා පැවති මේ ශූරතාවලියට සහභාගි වීමට නොහැකි වුනා.

images 2025 10 28T124027.386

ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම පිණිස රටවැසිභාවය කුමක් වූවත් සියලු තරගකරුවන්ට රටට ඇතුළු වීමට ඉඩ දෙන බවට පිළිගතහැකි සහතික වීමක් ඉන්දුනීසියා රජය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලබා දෙන තුරු අනාගත ඔලිම්පික් ක්‍රීඩා උළෙල, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ඔලිම්පික් ඉසව් හෝ ඔලිම්පික් සම්මන්ත්‍රණ ඉන්දුනීසියාවේ පැවැත්වීමක් පිළිබඳ සියලු ආකාරයේ සාකච්ඡාවන් නතර කිරීමට IOC පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එවැනි සහතිකයක් දෙනතුරු කිසිම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් ‌හෝ රැස්වීමක් ඉන්දුනීසියාවේ නොපවත්වන ලෙසට ද IOC මණ්ඩලය ලොව සියලුම ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට දන්වා තිබෙනවා.

මීට අමතරව, ලෝක ශූරතාවලියට පෙර උද්ගතවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ ලෝසාන් නුවර පිහිටි IOC මූලස්ථානයට යන ලෙසට ඔලිම්පික් ප්‍රධානීන් ඉන්දුනීසියාවේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාත්‍යන්තර ජිම්නාස්ටික්ස් සම්මේලනයෙන් ඉල්ලා තිබෙනවා.

76MU7LL5HVNETKM5HB7SICG2SA

පලස්තීනුවන් සමග තිබෙන සහයෝගිතාවට අනුව ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කර තිබුනා.
2023 වසරේ ජූලි මාසයේදී, ඉන්දුනීසියාව ජාතික ඔලිම්පික් කමිටු සංගමය සංවිධානය කළ ‌ලෝක වෙරළ ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් ඉවත් වුනා. ඊට හේතු වූයේ ද ඊශ්‍රායල සහභාගිත්වය නිසා හටගත් මතභේදයක්.

එම වසරේ මාර්තු මාසයේදී, ඉන්දුනීසියාව ට FIFA වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතීන් අහිමි වූයේ එරට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ඊශ්‍රායලයේ සහභාගිත්වයට විරුද්ධ වූ බැවින්.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්