leader s

2034 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හිමි කරගෙන සිටින සෞදි අරාබිය එහි තරග පැවැත්වීම සඳහා ‘නියාම් ක්‍රීඩාංගණය’ (NEOM Stadium) නමැති ලොව ප්‍රථම ‘අහස් ක්‍රීඩාංගණය’ (Sky Stadium) ඉදිකිරීමේ සැලසුම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

පාපන්දු ක්‍රීඩාව අලුත් උසස් තලයකට ගෙන එමින් මේ ක්‍රීඩාංගණය NEOM ‘The Line’ නමැති තවමත් ඉදිකර නැති මෙගා නගරයේ ගොඩනැගෙන්නේ බිම් මට්ටමේ සිට අඩි 1,150ක් (මීටර් 350) උසින් වන අතර එය බලගැන්වෙන්නේ සුළඟ හා සෝලා ශක්තියෙන්. මේ උස ප්‍රමාණය එංගලන්තයේ උසම ගොඩනැගිල්ල වන Shard ට වඩා මීටර් 40ක් වැඩි බව පැවසෙනවා.

නියාම් ක්‍රීඩාංගණයේ පුද්ගලයන් 46,000කට අසුන් ගත හැකි බව වාර්තා වනවා. ක්‍රීඩාංගණය වෙනුවෙන් කරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියනයක්. සමාජ මාධ්‍යයේ සංසරණය වන වාර්තාවලට අනුව, මේ අහස් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කර 2032 වසර වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මේ ක්‍රීඩාංගණය 2034 FIFA ලෝක කුසලාන තරගවලට සත්කාරකත්වය දැක්වීමට නියමිතයි. කණ්ඩායම් 48ක් සහභාගි වන එම තරගාවලියේ සත්කාරකත්වය ලබා ගැනීම පිණිස සෞදි අරාබිය ඉදිරිපත් කළ ඉල්ලීම නිල වශයෙන් දැන් පිළිගෙන තිබෙනවා.

 

DU9uSLwt Enough About the Hype The Truth About NEOMs Sky Stadium. Can It Really Be Built 1200x900

ක්‍රීඩාංගණය ඉදිකිරීමෙන් පසුව එය ගුවනේ සිට දිස්වන කෘතිම බුද්ධියෙන් සකස් කෙරුණු දර්ශන ඇතුළත් නිලනොවන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දර්ශන දකින බොහෝ දෙනෙක් විස්මයට පත්ව සිටින්නේ එය කළින් ප්‍රසිද්ධ කළ නියාම් ක්‍රීඩාංගණයේ සැලැස්මට වඩා හාත්පසින්ම වෙනස්ව තිබෙන බැවින්.

ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසුව නියාම් ක්‍රීඩාංගණය 2034 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි ආකර්ෂණය බවට පත්වනවා පමණක්‌ නොව එය නියාම් කලාපයේ වෘත්තීය පාපන්දු සමාජයකට නිවහන ද වීමට නියමිතයි. එය අනෙකුත් ක්‍රීඩා, සංගීත ප්‍රසංග හා විවිධ ඉසව් වෙනුවෙන් බහු සේවා රංග භූමියක් ලෙස ද භාවිතා කරමින් වසර පුරාම නියාම් ක්‍රීඩාංගණය ක්‍රියාකාරීව තබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්