නව යොවුන් වියේ පසුවූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජ ක්‍රීඩකයෙක් පන්දුව බෙල්ලේ වැදීමෙන් මිය ගොස් තිබෙන්නේ 2024 වසරේදී මේ ආකාරය ට ම සිදුවූ ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ෆිල් හියුස්ගේ මරණයේ මතකය භයංකර අයුරින් අවදි කරමින්.
මෙල්බර්න් නුවර Ferntree Gully ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් සිටි බෙන් ඔස්ටින් (Ben Austin) නමැති 17 හැවිරිදි ක්‍රීඩකයා මිය ගොස් තිබෙන්නේ එම සමාජයේ නෙට් පුහුණුවේ යෙදී සිටියදී. හෙල්මටයක් පැළඳ එහෙත් ගෙල ආවරණක් නැතිව පුහුණුවේ යෙදී සිටියදී පන්දු විදින යන්ත්‍රයෙන් විසිකෙරුනු පන්දුවක් ඔස්ටින්ගේ ගෙලේ වැදී තිබෙනවා.
අඟහරුවාදා සවස ඇතිවූ මේ සිද්ධියෙන් පසුව හදිසි ප්‍රථමාධාර නිලධාරීන් වහාම කැඳවා බෙන් බරපතල තත්ත්වයෙන් යුතුව රෝහලට ගෙන ගියා. ඔහුව ජිවිත ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කළ ද බෙන් අද (බ්‍රහස්පතින්දා) මිය ගියා.
“බෝලය බෙන්ගේ බෙල්ලේ වැදී තිබෙන්නේ මීට අවුරුදු දහයකට පෙර ෆිල් හියුස් මුහුණ දුන් අනතුරට සමාන ලෙසයි” යනුවෙන් වික්ටෝරියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී නික් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.
2024 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆිලිප් හියුස් මිය ගියේ ඔහු ෂෙෆීල්ඩ් පළිහ තරගයක පිතිකරණයේ යෙදී සිටියදී පන්දුවක් බෙල්ලේ වැදීමෙන්.
එම මරණයෙන් පසුව, ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා තිබෙන ආරක්ෂක උපකරණවල වැඩිදියුණුවක් ක්‍රිකට් ලෝකය ඉල්ලා සිටියා.
පාපන්දු ක්‍රීඩාවට ද ආදරය කළ තරුණ බෙන් ඔස්ටින් Waverley Park Hawks Junior පාපන්දු සමාජය වෙනුවෙන් තරග 100කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කර තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







