leader s

ලෝරා වෝල්ෆාට් නායිකාවගේ අතිවිශිෂ්ට ශතකය සහ මරිසනේ කප්ගේ කඩුලු පහේ දක්ෂතාවෙන් දකුණු අප්‍රිකාව ඊයේ

ගුවහාටි හිදී ලකුණු 125කින් එංගලන්තය පරදවමින් ප්‍රථම වතාවට ඕවර 50 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසියා.

xdtw4534| ලෝරා වෝල්ෆාට්
පන්දු 143කින් ලකුණු 169ක් වාර්තා කරමින් වෝල්ෆාට් දකුණු අප්‍රිකාව 319-7ක මුළු ලකුණු සංඛ්‍යාවකට ගෙන යාමෙන් පසුව පළපුරුදු මඳ වේග පන්දු යවන්නියක වන කප් ලකුණු 20කට කඩුලු 5ක් බිඳ හෙලමින් එංගලන්තය මුළු ලකුණු 194කට සීමා කළේ ඕවර  42.3ක් ඇතුළත.

xfdgy4634| මරිසනේ කප්
මේ තරගාවලියේ ලීග් අදියරේදී එංගලන්තය හමුවේ ලකුණු 69කට දැවී ගිය දකුණු අප්‍රිකානු පිතිකරණයේ මේ නැගී සිටීම අද්විතීය හපන්කමක්. ඔවුන් දැන් ලබන ඉරිදා අවසාන තරගයේ තම ප්‍රතිවාදීන් කවුරුන් වේවි ද කියා බලා සිටිනවා. ඒ කණ්ඩායම මේ තරගාවලියේ වර්තමාන ශූරියන් වන ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර අද පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගයෙන් තීරණය වනවා.

නඩින් ඩි ක්ලර්ක් විසින් අවසන් කඩුල්ල ලෙස ලින්සේ ස්මිත් ලකුණු 27කට දවාලීමත් සමග දකුණු අප්‍රිකානු කඳවුරේ උත්සව ඇරඹුනා.

වෝල්ෆාට් මේ ජයග්‍රහණයට මුල් පියවර තබමින් ඇගේ පළමු ලෝක කුසලාන ශතකය වාර්තා කළේ මේ අති විශාල මුළු ලකුණු ප්‍රමාණයට අත්තිවාරම ලෙස ඇගේ අනෙක් ආරම්භක පිතිකාරිනිය වන ලකුණු 45ක් ලබා ගත් ටස්මින් බ්‍රිට්ස් සමග ලකුණු 116ක සබඳතාවක් සටහන් කරමින්.

වෝල්ෆාට් ඊයේ වාර්තා කළේ ඇගේ 10 වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය. ඒ පන්දු 143ක ඉනිමට හතරේ පහර 20ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබුනා.


එංගලන්ත වමත් දඟ පන්දු යවන්නී සොෆී එක්ල්ස්ටෝන් දකුණු අප්‍රිකානු පිතිහරඹ වේගයට හරස් වෙමින් එක් ඔ්වරයකදී කඩුලු දෙකක් ලබා ගත්තේ බ්‍රිට්ස්ගේ කඩුල්ල බිඳ දමමින් සහ ඊට පන්දු තුනකට පසුව අනීකි බොස්ක් බින්දුවට දවාලමින්.

එංගලන්තය විධිමත්ව ප්‍රහාර එල්ල කළ ද වෝල්ෆාට් නොසැලී සිටිමින් කප් (42) සහ ක්ලෝ ට්‍රයන් (නොදැවී 33) සමග අගනා සබඳතා පිහිටුවුවා.

අවසානයේ වෝල්ෆාට් 48 වැනි ඕවරයේදී ලෝරන් බෙල්ගේ පන්දුවකට දැවී ගොස් ආපසු ක්‍රීඩාගාරයට ගියේ නරඹන්නන් ඔවුන්ගේ අසුන්වලින් නැගිට නැගූ අත්පොලසන් හා ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගේ අතට අත දීම් මැද.

කලින් තරගයේදී උරහිසේ ආබාධයකට ලක්ව සිට මේ තරගයට ක්‍රීඩා කළ එක්ල්ස්ටෝන් පන්දු යැවීමේදී කැපී පෙනෙමින් ලකුණු 44කට කඩුලු 4ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකානු වේග පන්දු ප්‍රහාරයේ ප්‍රධානී මරිසනේ කප් එංගලන්තය පළමු ඕවරයේදී ම සොලවමින් කඩලු දෙකක් බිඳ හෙලුවේ ඇමී ජෝන්ස් හා හීද නයිට් යන දෙදෙනාව ම බින්දුවලට දවාලමින්.

අයාබොන්ගා ඛාකා දෙවැනි ඔ්වරයේදී ටැමී බෝමන්ට් බින්දුවට දවාලූ අතර නායිකා නැට් ස්කයිව-බ්‍රන්ට් සහ ඇලිස් කැප්සීගේ ආරක්ෂක ක්‍රීඩාව මධ්‍යයේත් එංගලන්ත ඉනිම කඩා වැටුනා.

ලකුණු 64ක් ලබා ගනිමින් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළ ස්කයිව-බ්‍රන්ට් සහ ලකුණු 50ක් රැස්කළ කැප්සී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගුව ද මේ දෙදෙනාගේ දැවී යාමෙන් පසුව දකුණු අප්‍රිකානු පන්දු යවන්නියෝ නැවතත් ඔවුන්ගේ ප්‍රහාරය දියත් කළා.

කප් විසින් ස්කයිව-බ්‍රන්ට් දවාලීමෙන් පසුව ඇය පිට පිට පන්දුවලින් සොෆියා ඩන්ක්ලේ හා චාලී ඩීන් දවාලූ අතර ඩි ක්ලර්ක් ජයග්‍රහණය සම්පූර්ණ කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

teyery

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්