leader s

ගම් මට්ටමේ අංකුර ක්‍රීඩකයාගේ සිට වැඩිහිටියා දක්වා වයස් භේදයකින් තොරව සහභාගි විය හැකි මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 2025 ‘බී’ කොටසේ ආධුනික පිරිමි හා කාන්තා පළාත් තරග කණ්ඩායම් හාරදහසකගේ සහභාගිත්වයෙන් මතුගම වලගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 22 හා 23 දිනවල ආරම්භ වනවා.
පළාත් මට්ටමේ තරගාවලියට සුදුසුකම් ලබන්නේ දිස්ත්‍රික්ක මට්ටමෙන් ශූරයන් හා අනුශූරයන් වන කණ්ඩායම් පමණයි.

පළාතෙන් ශූරතාව හිමිකර ගන්නා පිරිමි හා කාන්තා කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබන අතර එම තරග දෙසැම්බර් 13 හා 14 දිනවල පැවැත්වෙන්නේ වාද්දුව පොතුපිටිය විදුහල් ක්‍රීඩා පිටියේ. අවසන් තරග ලබන වසරේ ජනවාරි මාසයේ 7 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.
අයදුම් පත් භාරගැනීම ලබන 10 වැනිදා තෙක් සිදු කෙරෙන අතර වයස් සීමාවක් නැතත් තරගවලට සහභාගි විය හැක්කේ තමන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පමණක් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ප්‍රකාශ කරනවා.

මීට අමතරව, 2023/2024/2025 ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන්ට මෙන්ම සුපර් ලීග් කොටසේ තරග සඳහා සහභාගි වන කිසිම ක්‍රීඩකයෙකුට ‘බී’ කොටසේ තරගවලට සහභාගි විය නොහැකි බව ද සම්මේලනය පවසනවා.
 


සුපර් ලීග්

මන්චි ‘ඒ’ කොටසේ සුපර් ලීග් තරගාවලියට දිවයිනේ ඉහළම පෙලේ පිරිමි හා කාන්තා කණ්ඩායම් සහභාගි වන අතර එම තරගාවලිය ලීග් ක්‍රමයට දෙසැම්බර් 2,3,4,5 සහ 6 යන දිනවල වතුපිටිවල ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබෙනවා. මෙහි අවසාන තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ද ජනවාරි 7 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ.

මේ තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 10කට සහ කාන්තා කණ්ඩායම් 8කට ආරධනා කර තිබෙන අතර එම කණ්ඩායම්‌ මෙසේය.

පිරිමි කණ්ඩායම්

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සමාජය (ඒකාබද්ධ), ජාතික තරුණ සේවා සභාව, මැලිබන් ක්‍රීඩා සමාජය (වෙළඳසේවා සුපර් ලීග් ශූරයින්), ඔ්ෂන් ලංකා ක්‍රීඩා සමාජය (වෙළඳසේවා සුපර් ලීග් අනුශූරයින්)

කාන්තා කණ්ඩායම්

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කැෂුවලයින් ක්‍රීඩා සමාජය (වෙළඳ සේවා සුපර් ලීග් ශූරියෝ), හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය (වෙළදසේවා සුපර් ලීග් අනුශූරියෝ), ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය සුපර් ලීග් ප්‍රථම ස්ථාන වෙනුවෙන් රුපියල් 150,000ක් ද, දෙවැනි ස්ථාන වෙනුවෙන් රුපියල් 100,000ක් ද, තෙවැනි ස්ථාන සඳහා රුපියල් 50,000ක් ද, ආධුනික තරගාවලියේ පළමු ස්ථාන වෙනුවෙන් රුපියල් 100,000ක්, දෙවැනි ස්ථාන සඳහා රුපියල් 75,000ක් සහ තෙවැනි ස්ථානවලට රුපියල් 50,000ක් ද පිරිනැමීමට අමතරව පළාත් මට්ටමේ ජයග්‍රාහකයන්ටත් තරගාවලියේ විශේෂ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් විශේෂ තිළිණ ප්‍රදානය කිරීමට වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

2007 වසරේ සිට මේ තරගාවලිය වෙනුවෙන් සත්කාරකත්වය දක්වන්නේ සිලෝන් බිස්කට්ස් සමාගමයි. එම ආයතනය විසින් 2025 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අනුග්‍රහකත්වය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට පිරිනැමීම ඔටෝමොබයිල් සංගම් ශාලාවේදී  පසුගියදා සිදුකෙරුනු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, උපසභාපති මහින්ද බණ්ඩාර, සහාය ලේකම් හා තරගාවලි කමිටුවේ සභාපති කාන්තසිරි මීගමුවගේ, භාණ්ඩාගාරික ජී.ඩී.ටී.එස්.පෙරේරා සහ සිලෝන් බිස්කට්ස් සමාගමේ වෙළඳ කළමනාකරු මහේෂ් අනුරාධ, ඉසව් හා ප්‍රවර්ධන කටයුතු ජ්‍යෙෂ්ඨ විධායක සුජිත් උඩතියවල යන මහත්වරු සහභාගි වුනා.


(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්