leader s

නෙදර්ලන්තයේ සංක්‍රාන්ති ලිංගික ඩාට්ස් ක්‍රීඩිකා නෝවා-ලින් වැන් ලීවන් (Noa-Lynn van Leuven) ක්‍රීඩාවේ වඩාත්ම

ප්‍රබබෝධමත් ආගමනයක යෙදී සිටිනවා.

ලෝක ඩාට්ස් ශූරතාවලියට නැවත පිවිසෙන මේ සුපිරි ඩාට්ස් ශූරිය, මීට මාස කිහිපයකට පෙර තමා සිටියේ තමාට  තවදුරටත් ජීවත් වීමට අවශ්‍යදැයි නොදන්නා තත්ත්වයක බව කියනවා.

මාර්ගගත වෛරය, මානසික සෞඛ්‍යය අරගල සහ ක්‍රීඩාවේ තමාට තිබෙන අනාගතය සම්බන්ධයෙන් පැන නැගුනු ප්‍රශ්නවලින් සංකේතවත් වූ දරුණු වසරකින් පසුව තමා ලබා ගත් මේ අලුත්ම ලෝක ශූරතා සහභාගිත්වයේ සුදුසුකම තමාට දැනෙන්නේ ප්‍රාතිහාර්යයක් ලෙසින් බව 29 හැවිරිදි ඇය කියා සිටිනවා.

වෘත්තීය ඩාට්ස් සමාගමේ (PDC) ලෝක ඩාට්ස් ශූරතාවලියට සුදුසුකම් ලැබූ එදා මෙදා තුර පළමු නෙදර්ලන්ත කාන්තාව ලෙසින් වැන් ලීවන් පසුගිය ක්‍රීඩා වාරයේදී ඉතිහාසය අලුතින් නිර්මාණය කළා.

එහෙත් සිහින අවස්ථාවක් බවට පත්විය යුතුව තිබූ එය ඉක්මනින්ම බියකුරු සිහිනයක් බවට හැරුනා.

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයෙකු බවට ප්‍රසිද්ධියේ පිළිගත් වෘත්තීය ඩාට්ස් ක්ෂේත්‍රයේ කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන් වැන් ලීවන් වැටුනේ උණුසුම් මහජන විවාදයක් මැදට.

වෛරී පණිවුඩ හා තර්ජන ඇතුළුව ඔන්ලයින් පරිභවයට ඇය ලක්වුනේ ඇය කෙරෙහි තිබූ අවධානය තව තවත් තීව්‍ර වෙමින් තිබියදී.

Nu.nl නමැති නෙදර්ලන්ත මාධ්‍යය ජාලයට ඇය මෙසේ පැවසුවා: “මීට මාස කිහිපයකට පෙර, ඊළඟ සතියේ මම ජීවතුන් අතර සිටීවිද කියලා මම ඇත්තටම දැන සිටියේ නැහැ. “

“මට දැන් ආපහු ඩාට්ස් ලෑල්ල ඉදිරියේ සිටගෙන සිටිමින් විනෝද වෙන්න ලැබෙනවා කියන කාරණය මට දැන් දැනෙන්නේ ප්‍රාතිහාර්යයක් ලෙසිනුයි.”

“මට තවදුරටත් මේ ක්‍රීඩාවෙන් වින්දනයක් ලබන්න හැකිව තිබුනේ නැහැ. පීඩනය, වෛර කිරීම, මාධ්‍ය...මේවා මාව අන්තිම බින්දුවටම වැට්ටුවා.”

නිරන්තරව කෙරුනු නින්දා කිරීම්වලින් ඇගේ මානසික සෞඛ්‍යයට ඇතිවූයේ විනාශකාරී ප්‍රතිඵලයක්. “ජීවත් වීමෙන් ඇති ඵලය කුමක් ද” යනුවෙන් කල්පනා කරමින් හා චිත්‍රපට නරඹමින් තමා සති ගණන් ඇඳට වී සිටි බව ඇය ප්‍රකාශ කළා.

බැරිම තැන ඇය නෙදර්ලන්තයේ දැඩි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළු වී දැඩි නේවාසික ප්‍රතිකාර යටතේ සති 14ක කාලයක් අර්බුද සත්කාරය ලබා ගත්තා.
“මම හිටියේ මගේ දිවි නසා ගැනීමට ආසන්න තත්ත්වයකයි” වැන් ලීවන් පිළිගන්නවා.

මේ අපවාදයන් විසින් ඇගේ තුරුණු වියේ පැරණි තුවාල පවා නැවත විවෘත කරනු ලැබුවා. පාසලේදී තමා හිරිහැරවලට ලක්වූ අන්දම හා නිතරම තමාට වෙනස් විදියට සැලකූ ආකාරය ඇය අනාවරණය කළා.

අයිලීන් ඩි ග්‍රාෆ් සහ ඇන්කා සිල්ස්ට්‍රා ඇතුළු සමහර නෙදර්ලන්ත ඩාට්ස් ක්‍රීඩිකාවන් ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙකු බවට හංවඩු ගසමින් ඇය සමග තරග කිරීම ප්‍රතික්ෂේප කළ නිසා වැන් ලීවන්ගේ පීඩනය තවත් වැඩිවුනා.

නමුත් ජූලි මාසයේදී සියල්ල වෙනස් වීමට පටන් ගත්තා. වැන් ලීවන් අකැමැත්තෙන් වුව ද ඇම්ස්ටඩෑම් නුවර පැවති ‘ප්‍රයිඩ්’ ඉසව්වකට සහභාගි වූ අතර එයින් තමාගේ ජීවිතය බේරුණු බව ඇය කියනවා.

“මාස ගාණකට පස්සේ පළමු වතාවට මට නිදහසක් දැනුනා. මම නටමින් සිනාවෙමින් මට ඕන විදියට හැසිරුනා.”

ඒ මොහොත විසින් ඇය තුළ තිබූ උනන්දුව නැවත පුබුදු කරනු ලැබුවා. ඇය ඇවිදීම, කඳු නැගීම වැනි මඳ විනෝදයක් ලැබිය හැකි දේවලට අවධානය යොමු කරන්න පටන් ගත්තා. ඊට අමතරව, ඇගේ ජීවිත කතාව තමන්ගේ දරුවන්ව තේරුම් ගැනීමට උපකාරයක් වූ බව පවසමින් ඇගේ ක්‍රීඩා ලෝලීන් ඇයට එවූ පණිවුඩ කියවමින් ඇය සතුටක් ලැබුවා.

ටිකෙන් ටික, ඩාට්ස්වලට තිබූ ඇගේ ආශාව නැවත පැමිණියා. යළි පුහුණු වීම් ඇරඹූ මේ දිරිය ක්‍රීඩිකාව ප්‍රාදේශීය වශයෙන් තරග කිරීමෙන් පසුව ලෝක ශූරතා වේදිකාවට නැවත පා තැබීමේ අවස්ථාව දිනාගෙන සිටින්නේ විස්මිත අයුරින්.

සටන අත්නොහරින ලෙසට අනෙක් අයව ප්‍රබෝධමත් කිරීමට තමාගේ කතාවට හැකිවනු ඇතැයි වැන් ලීවන් ප්‍රාර්ථනා කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්