leader s

ඉන්දියාව ඔවුන්ගේ මංගල කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද රාත්‍රියේ දිනා ගැනීමට සමත් වුවහොත් එම කණ්ඩායමට රුපියල් කෝටි 125ක දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනමන බව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය අද (2) නවි මුම්බායි හි පැවැත්වෙන අතර එහිදී හාමන්ප්‍රීට් කවුර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම කුසලානය දිනා ගතහොත් ඔවුන්ට පිරිමි කණ්ඩායමට පිරිනැමුනු ත්‍යාග මුදලට සමාන මුදලක් පිරිනැමීමට BCCI සැලසුම් කර තිබෙන්නේ ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ත්‍රී - පුරුෂ සමානතාව වෙතට තබන විශේෂ සලකුණක් තබමින්.

ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන පරිදි, මීට පෙර පිරිමි හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තරග මුදල් සඳහා එක සමාන ගෙවීමක් ක්‍රියාත්මක කර ඇති BCCI දැන් දක්ෂතා පදනම් කරගත් ත්‍යාග වෙනුවෙන් ද ඒ ප්‍රතිපත්තිය ම ක්‍රියාවෙහි යෙදවීම කෙරෙහි සලකා බලමින් සිටිනවා.

 

BCCIC
“පිරිමි හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට BCCI සමාන ගෙවීම් සිදු කරන බැවින් අපේ කෙල්ලෝ ලෝක කුසලානය දිනුවොත්, එහි ත්‍යාගය පිරිමි කණ්ඩායමේ ගෝලීය ජයග්‍රහණයේ ත්‍යාගයට වඩා අඩු වෙන්නේ නැහැ” යනුවෙන් BCCI නිලධාරියෙක් පවසා තිබෙනවා.

2024 වසරේදී රෝහිත් ෂර්මාගේ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලානය අමෙරිකාවේදී දිනා ගත් අවස්ථාවේදී ක්‍රීඩකයන් හා සහාය මණ්ඩලය ඇතුළු මුළු කණ්ඩායම ට ම රුපියල් කෝටි 125ක අතිවිශාල බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කළා.

ඒ හා සමාන ජයග්‍රාහී ත්‍යාගයක් කාන්තා කණ්ඩායම ට ද ලබා දීම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වයට ඔවුන්ගෙන් කෙරුණු දායකත්වය පෙර නොවූ විරූ ආකාරයෙන් පිළිගැනීමක් සංකේතවත් කරනවා.

India womens29834
මේ දියුණුවෙන් අවධාරණය කරන්නේ ඉන්දියාව 2017 වසරේ ලෝඩ්ස් හිදී එංගලන්තය ට ‌ලෝක කුසලාන අවසන් තරගය ලකුණු නවයකින් පරාජය වීමෙන් පසුව ඔවුන්ගේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පැමිණ තිබෙන දුරයි. එදා ඒ පරාජයේ වේදනාව මධ්‍යයේත් සෑම ක්‍රීඩිකාවක ට ම රුපියල් ලක්ෂ 50 බැගින් පිරිනැමුනේ පුහුණු හා සහාය මණ්ඩලයේ ද කැපවීම අගය කරමින් ඔවුන් ට ද මුදල් ත්‍යාග ප්‍රදානය කරමින්.

එතැන් සිට අට වසරකින් පසුව සැලකිල්ල හා ත්‍යාගයන් ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ තවත් පියවරක් ඉදිරියට තැබුවහොත්, සෑම ක්‍රීඩිකාවක ට ම ඔවුන්ගේ ත්‍යාග මුදල දහ ගුණයකින් පමණ වැඩි වන අන්දම දැකිය හැකි වනවා.

මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ත්‍රී - පුරුෂ සමානතාව සම්බන්ධයෙන් කෙරෙන ශක්තිමත් ප්‍රකාශනයක්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්