රතු කාඩ්පතේ දඬුවමට ලක්ව සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ වෙනුවෙන් ජගත් පාපන්දු සම්මේලනය (FIFA) ඔවුන්ගේ නීතිය
නැමීම හේතුවෙන් ඔහුට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෘතුගාලයේ කිසිම තරගයක් අහිමි වන්නේ නැහැ.
එම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිණිස පෘතුගාලය සහ අයර්ලන්තය අතර පැවති තරගයේදී රොනාල්ඩෝ ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුට වැලමිටෙන් පහර දීම නිසා ඔහුට රතු කාඩ්පත පෙන්වනු ලැබුවා.
රොනාල්ඩෝගේ එම ක්‍රියාව ‘ප්‍රචණ්ඩකාරී හැසිරීම’ හෝ ‘බරපතල නීතිවිරෝධී ක්‍රීඩාවක්’ ලෙස විනිශ්චය කරමින් තරග තුනක තහනමක් පැනවෙන විනය තීන්දුවක් FIFA ඊයේ ප්‍රකාශයට පත්කළද, එයින් තරග දෙකක් වසරක පරිවාස කාලයක් දක්වා පසුවට කල් දමා තිබෙනවා.
“මේ පරිවාස කාලය තුළ රොනාල්ඩෝ මෙවැනි ආකාරයේ තවත් වැරදි ක්‍රියාවක යෙදුනොත්, තහනමේ ඉතිරි තරග දෙක ක්‍රියාත්මක වෙනවා” යනුවෙන් FIFA නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.
පෘතුගාල කණ්ඩායම ඔවුන්ගේ අවසාන ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගයට පසුගිය සතියේ ක්‍රීඩා කරමින් ආමේනියාව ගෝල් 9-1කින් පරදවා තරගාවලියේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත් අතර එම තරගයට ක්‍රීඩා නොකරමින් රොනාල්ඩෝ අනිවාර්ය එක් තරග තහනමේ දඬුවම ගෙවා දැමුවා.
මේ සුපිරි තරුව අවම වශයෙන් තවත් එක් තරග තහනමක් විඳිමින් ඔහුගේ වාර්තාගත හය වැනි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරුනා.
දඬුවමක කොටසක් පරිවාස කාලයකට යටත් කිරීමේ තමන්ගේ විනය නීති FIFA විසින් උපුටා දැක්වූවද, තරග තුනක තහනමකදී එයින් තරග දෙකක් පසුවට කල් තැබීම ඉතාම විරල සිදුවීමකි.
FIFA විසින් මේ මාසයේ විනිශ්චය කළ සිද්ධීන් දෙකකදී, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල රතු කාඩ්පත පෙන්වනු ලැබූ ආමේනියාව හා බරන්ඩි යන රටවල ක්‍රීඩකයන්ට තරග තුනක තහනමක් පැනවුනු අතර මේ කිසිම ක්‍රීඩකයෙකුට පරිවාස කාලයක් මත තහනම අඩු කිරීමක් ලැබුනේ නැහැ.
ජගත් පාපන්දු සම්මේලනයේ මේ දෙබිඩි පිළිවෙත් තීන්දුව ප්‍රකාශ වන්නේ ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී රොනාල්ඩෝ FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ හා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසී සතියකට පසුවයි. එහිදී ඉන්ෆන්ටීනෝ රොනාල්ඩෝ සමග එකට සෙල්‌ෆි ඡායාරූපයකට ද පෙනී සිටියා.
රොනාල්ඩෝ දැනට වසර තුනක් තිස්සේ සෞදි පාපන්දු ලීගයේ ක්‍රීඩා කරමින් සිටින්නේ සෞදි කුමරාට වැඩි කොටසක් තිබෙන සෞදි රාජධානියේ රාජකීය ධනය හා මහජන ආයෝජන අරමුදලට අයත් පාපන්දු සමාජයකටයි.
තරග තුනේ තහනමේ FIFA විනය තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් FIFA ඇපැල් කමිටුවට ඉදිරිපත් කළ හැකි බව එම සම්මේලනය සඳහන් කරනවා.
එහෙත් මේ තීන්දුවට අභියෝග කිරීමට තරම් නීතිමය හයියක් තිබෙන්නේ කාටද යන්න සහ අභියෝග කරන අය අයර්ලන්තයේ හෝ පෘතුගාල ප්‍රතිවාදීන්ගේ පාපන්දු සම්මේලන විය හැකිද යන්න පැහැදිලි නැහැ.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(සටහන : වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි ලිපි :