leader s

ලොව වයස්ගතම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා වන 58 හැවිරිදි කාසූයෝෂී මියුරා (Kazuyoshi Miura) ෆූකීෂීමා යුනයිටඩ් පාපන්දු සමාජය (Fukushima United FC) සමග ගිවිසුම් අත්සන් කරමින් ඔහුගේ වාර්තාගත වෘත්තීය පාපන්දු ක්‍රීඩා දිවිය දීර්ඝ කරගෙන තිබෙනවා.


මේ මාසයේදී 59 වැනි වියට පා තබන ජපන් ඉදිරිපෙල ක්‍රීඩකයෙකු වන ඔහු ජපානයේ තෙවැනි කොටසේ ක්‍රීඩා කරන මේ J ලීග් කණ්ඩායම සමග කොන්ත්‍රාත්තුවකට පසුගියදා අත්සන් කළේ ඔහුගේ 41 වැනි වෘත්තීය තරග වාරය ආරම්භ කරමින්.

 

kazu 1

‘කාසූ රජා’ ලෙසින් ජනප්‍රියව සිටින මේ ක්‍රීඩකයා 1980 දශකයේ මැද භාගයේ සිට මේ දක්වා වෘත්තීය තරග වාර 40කට ක්‍රීඩා කර තිබෙනවා. කාසූයෝෂී ඔහුගේ පාපන්දු ක්‍රීඩාව 1986 වසරේ ආරම්භ කළේ Serie A නමැති  බ්‍රසීලයේ ඉහළම කොටසේ තරගාවලියේ Santos කණ්ඩායම නියෝජනය කරමින්. සිය ක්‍රීඩා දිවිය තුළදී ඔහු ඔස්ට්‍රේලියාව, ඉතාලිය හා ක්‍රොඒෂියාව යන විදේශ රටවල කෙටි තරග වාරවල ක්‍රීඩා කර තිබෙන අතර මේ සියල්ල සිදුවුනේ වසර 2000දී ඔහු ස්ථිර පදිංචිය සඳහා ජපානය ට පැමිණීමට පෙරයි.

kazu2

 

2005 වසරේදී යොකොහාමා පාපන්දු සමාජය (Yokohama FC) සමග සමග එක්වූ මේ ක්‍රීඩකයා කිහිප වතාවක් වෙනත් කණ්ඩායම් වෙනුවෙන් ණය ගිවිසුම් යටතේ ක්‍රීඩා කළ ද ඔහු තවමත් නියෝජනය කරන්නේ යොකොහාමා කණ්ඩායමයි. ‘වසරේ ආසියානු පාපන්දු ක්‍රීඩකයා’ ලෙස 1992 වසරේදී ගෞරවයට පාත්‍ර වූ ඔහුව 1993 වසරේදී J. League MVP ලෙස නම් කරනු ලැබුවා. එම ලීගයේ 1996 වසරේ වැඩිම ගෝල් ලාභියා බවට පත්වූ ඔහු 1993, 1995 සහ 1996 වසරවලදී තෙවතාවක් ම J. League හි හොඳම ක්‍රීඩකයින් 11 දෙනාට තෝරා ගැණුනා.

2013 වසරේදී J ලීගයේ 20 වැනි සංවත්සරික කණ්ඩායමට තෝරා ගනු ලැබූ කාසූයෝෂී මියුරා 2023 වර්ෂයේදී 30 වැනි සංවත්සරික කණ්ඩායමට ද තේරුණා. වසර 2000 ට පෙර ජපාන ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් තරග 89කට ක්‍රීඩා කළ ඔහු දැන් වයස අවුරුදු 60 ට ආසන්න වෙමින් සිටියදීත් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ නියැලීමට තිබෙන ඔහුගේ ආශාව අත්හැර නැහැ.

 



warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්