2026 ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ.
ක්‍රීඩකයන් වෙනුවෙන් කෙළින්ම ලංසු තැබීමක් වෙනුවට මධ්‍යම සංචිතයකින් ක්‍රීඩකයින් තෝරා ගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලට අවස්ථාව සැලසෙන පරිදි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර තිබෙනවා.
කණ්ඩායම් අයිතිකරුවන් විසින් ක්‍රීඩකයින් අත්කර ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණින් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම මාර්තු 22 වැනිදා සිදුවන්නේ සියලුම කණ්ඩායම්වලට දක්ෂතාව බෙදා හරිමින් තරගාවලියේ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමටයි. මේ කෙටුම්පත් කිරීමේදී ෆ්‍රන්චයිස් හිමිකරුවන් ඔවුන්ගේ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් තෝරා ගනු ඇතැයි SLC නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
LPL තරගාවලියේ හය වැනි අදියර ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. මේ තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම පිණිස කෙටුම් පත් ක්‍රමයක් මෙවර භාවිතා කරන්නේ 2022 වර්ෂයෙන් පසුව ප්‍රථම වතාවටයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි මේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුනේ. එහෙත් මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරග වෙනුවෙන් ක්‍රීඩාංගණ නවීකරණය කර සූදානම් කළ යුතුව තිබූ බැවින් එම තරගාවලිය මේ වසරට කල්දැමුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







