leader s

මැකල්ස්ෆීල්ඩ් (Macclesfield) නමැති ලීග්-නොවන පාපන්දු කණ්ඩායම එෆ්.ඒ. කුසලාන (FA Cup) තරගාවලියේ වඩාත්ම

විස්මය දනවන පෙරලිකාර ජයග්‍රහණයක් වාර්තා කරමින් එංගලන්ත පාපන්දු පිරමිඩයේ තමන්ට වඩා ස්ථාන 117ක් ඉහළින් සිටින ක්‍රිස්ටල් පැලස් (Crystal Palace) වර්තමාන එෆ්.ඒ. ශූරයින්ව ගෝල් 2-1කින් පරාජය කිරීමට සමත් වුණා.

වසර 1908-09 තරගාවලියේදී ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම විසින් එෆ්.ඒ. කුසලාන ශූරයින්ව සිටි වුල්වහැම්ප්ටන් වොන්ඩරර්ස් කණ්ඩායම පළමු වටයෙන් ඉවත් කිරීමෙන් පසුව එෆ්.ඒ. කුසලානය හිමිකර ගෙන සිටි කණ්ඩායමක් පරාජය කළ පළමු ලීග්-නොවන කණ්ඩායම බවට මැකල්ස්ෆීල්ඩ් ඉතිහාසගත වනවා. මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ එංගලන්තයේ හිටපු ජනප්‍රිය ජාතික පාපන්දු ක්‍රීඩක වේන් රූනිගේ බාල සොහොයුරා වන ජෝන්.

එෆ්.ඒ. කුසලානය හිමිකර ගෙන සිටින කණ්ඩායමක් මේ තරගාවලියේ මූලික අදියරෙන් ම ඉවතට විසිවීමක් අවසන් වතාවට වාර්තා වන්නේ 2018 වසරේ. එම තරගාවලියේදී ආසනල් නමැති ශූරයින් තෙවැනි වටයේදී ඉවතට විසිවුණා.

පරාජයට පත් ක්‍රිස්ටල් පැලස් කණ්ඩායම වර්තමානයේ පසුවන්නේ එංගලන්ත පාපන්දුවේ ඉහළම කොටසේ 13 වැනි ස්ථානයේ.

පවුම් 500,000කට වැඩි ණය නිසා මීට පස් වසරකට පෙර ජාතික ලීගයෙන් නෙරපා දැමුනු මැකල්ස්ෆීල්ඩ් පාපන්දු සමාජයේ අපූර්ව නැඟී සිටීමේ අලුත්ම පරිච්ඡේදයයි මේ ජයග්‍රහණය.

එම නෙරපා දැමීමෙන් මාසයකට පසුව දේශීය ව්‍යාපාරිකයෙකු වන Robert Smethurst මේ පාපන්දු සමාජය මිලදී ගත්තා. 2021-22 නව වැනි ස්තර තරගාවලියට ඇතුළු වූ මැකල්ස්ෆීල්ඩ් කණ්ඩායම එතැන් සිට ක්‍රීඩා වාර හතරකදී උසස් වීම් තුනක් ජයග්‍රහණය කළා.

ඔවුන්ගේ 21 හැවිරිදි ඉදිරිපෙල ක්‍රීඩක Ethan McLeod පසුගිය මාසයේ පැවති තරගයකින් පසුව නැවත පැමිණෙමින් සිටියදී මෝටර් රථ අනතුරකින් මියගොස් තිබීම හේතුවෙන් මැකල්ස්ෆීල්ඩ් කණ්ඩායම සෙනසුරාදා ජයග්‍රාහී තරගය ක්‍රීඩා කළේ ශෝකයෙන් බරවූ හදවතින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්