leader s

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කරන රටවල් 15ක ක්‍රීඩා ලෝලීන් හා මාධ්‍යවේදීන්ට අමෙරිකාව ට පැමිණීමේ වීසා බලපත්‍ර නිකුත් කිරීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ තරගාවලිය අවුල් ජාලයක් බවට පත්වන ලකුණු පහළ වී තිබෙනවා.


අමෙරිකාව වීසා ප්‍රතික්ෂේප කර ඇති රටවල් 75 අතර මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීමට නියමිත රටවල් 15ක් ද ඇතුළත්ව තිබෙනවා. මේ රටවල් අතර තරගාවලියේ එක් ජනප්‍රියතම කණ්ඩායමක් වන බ්‍රසීලය ද සිටීම විශේෂත්වයක්.

බ්‍රසීලය යනු වාර්තාගත අයුරින් පස් වතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා ගත් රටක්. 1958, 1962, 1970, 1994 හා 2002 වසරවල ලෝක කුසලානය දිනා ගත් මේ දකුණු අමෙරිකානු දේශය ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වඩාත්ම සාර්ථක රට බවට පත්ව සිටිනවා. සෑම ලෝක කුසලාන තරගාවලියකටම සහභාගි වූ එකම රට වන්නේ ද බ්‍රසීලය. එබැවින්, මේ කණ්ඩායම දිරිමත් කරන පාපන්දු ලෝලීන් නැති ලෝක තරගාවලියක් ගැන සිතාගැනීම පවා අපහසුයි.

fifap9v8q3y4983

 

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘සී’ කොටසට ඇතුළත්ව සිටින කණ්ඩායම් හතරෙන් තුනක් ම ට්‍රම්ප්ගේ රතු ලැයිස්තුවට ඇතුළත්ව සිටීම තවත් විශේෂත්වයක්. එම කොටසේ සිටින ස්කොට්ලන්තය හැරුනුවිට බ්‍රසීලය, හෙයිටි සහ මොරොක්කෝව යන සෙසු රටවල් තුන ම මේ අමෙරිකානු වීසා අවුලට මැදිව සිටිනවා.

මේ රටවල් තුනේ ක්‍රීඩා ලෝලීන්ට අමෙරිකාව ට පැමිණීමේ වීසා ප්‍රතික්ෂේප කිරීමෙන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු මූලික තරග පැවැත්වෙන අමෙරිකාවේ ක්‍රීඩාංගණ හිස් වීමට ඉඩ තිබෙනවා.

ඇල්ජීරියාව, කේප් වර්ඩ්, කොලොම්බියාව, අයිවරි කෝස්ට්, ඊජිප්තුව, ඝානා, ඉරානය, ජෝර්දානය, සෙනෙගාලය, ටියුනීසියාව, උරුගුවේ හා උස්බෙකිස්තානය වීසා ප්‍රතික්ෂේප කිරීමට ලක්ව සිටින අනෙකුත් රටවල් වනවා.

 

fifa 2935 293

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ දින නියමයක් නැති වීසා තහනම ජනවාරි 21 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව, අමෙරිකාව ට පැමිණීමෙන් පසුව මහජන සුබ සාධනය මත යැපීමට සිදුවන පුද්ගලයන්ගේ වීසා අයැදුම් පත් ප්‍රතික්ෂේප කරන ලෙසට සිය විදේශ සේවා කාර්යාලවලට අමෙරිකානු රජය උපදෙස් දී තිබෙනවා. මීට අමතරව, අයැදුම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, වයස හා ඉංග්‍රීසි භාෂා දැනුම ඇතුළු තවත් නොයෙකුත් සාධක පිළිබඳව ද සැලකිලිමත් වන ලෙසට දන්වා තිබෙනවා.

අමෙරිකානු වීසා තහනම ලෝක කුසලාන කණ්ඩායම්වල ක්‍රීඩකයින්, ඔවුන්ගේ පුහුණුකරුවන් හා පුහුණු කාර්ය මණ්ඩලයට බලපාන්නේ නැති බව වාර්තා වනවා. මීට අමතරව, සමහර වීසා අයැදුම් පත් සම්බන්ධයෙන් විශේෂයෙන් සලකා බලනු ඇතත් ඒවා ඉතාමත් සීමිත වනු ඇතැයි අමෙරිකානු විදේශ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මේ තහනම බදාදා නිවේදනය කර තිබෙන්නේ ඉරාන රාජ්‍ය පාලන ක්‍රමයට එරෙහිව එරට පුරා හටගෙන තිබෙන විරෝධතාවලින් පසුව ඉරානය ට පහර දීමේ විකල්ප පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් සලකා බලමින් සිටින අවස්ථාවක.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්