leader s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පිරිමි විස්සයි20 ලෝක කුසලානය කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ පැරෂුටයෙන් ගෙන ආවේ එම කුසලානය ප්‍රදර්ශනය කිරීමේ චාරිකාවේ කොටසක් ලෙසින්.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පැරෂුට්කරුවන් මේ කුසලානය සමග ක්‍රීඩාංගණ පිටියට පැරෂුටයෙන් බැස්සේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව ආරම්භ වීමට මොහොතකට පෙර.

 

WhatsApp Image 2026 01 23 at 2.46.31 PM

මේ පැරෂුට් මෙහෙයුමට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව නියෝජනය කළ පැරෂුට් පනින්නන් පස් දෙනෙක් සහභාගි වුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පෙබරවාරි 7 වැනිදා ඇරඹෙන 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ප්‍රදර්ශනය කිරීමේ මේ විශේෂ අවස්ථාවට සහභාගි වූ පැරෂුට්කරුවන් වූයේ වින්ග් කමාන්ඩර් සම්පත් පියසුන්දර (යුද හමුදාව), ලුතිනන් කර්නල් නලින් කුලතුංග (යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව), ලුතිනන් කර්නල් පුෂ්පකුමාර (යුද හමුදා විශේෂ බලකාය), ගුවන් කොමදෝරු කමල් තිස්සකුමාර (නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලකාය) සහ මේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පැරෂුට්කරුවා වූ ගුවන් කොමදෝරු ජගත් ගොඩකන්ද (ගුවන් හමුදාව).

WhatsApp Image 2026 01 23 at 2.46.29 PM 1

 

මේ පැරෂුට් පැනීමේදී, පැරෂුට්කරුවන් ශ්‍රී ලංකා ජාතික ධජය, ශ්‍රී ලංකා ක්‍රිකට් කොඩිය, ICC ලෝක කුසලාන ධජය, ලෝක කුසලාන නිල ටැග් පේළිය වන Feel the Thrill සහ ICC Men’s T20 World Cup 2026 කුසලානය රැගෙන ආවා.

ජගත් ගොඩකන්ද ජ්‍යෙෂ්ඨ පැරෂුට්කරුවායි කුසලානය සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ භූමියට ගොඩබැස්සේ.

 

para 1
2026 විස්සයි20 ලෝක කුසලාන චාරිකාවේ ශ්‍රී ලංකා අදියරේ තෙවැනි දිනය අදයි. ජනවාරි 23 වැනිදා පෙරවරු 10.30 ට කොළඹ එස්.එස්.සී. පිටියේදී ජනමාධ්‍ය වෙනුවෙන් මේ කුසලානය  ප්‍රදර්ශනය කිරීමෙන් පසුව පස්වරු 3.00 ට කොළඹ ඩයලොග් මූලස්ථානය ඉදිරිපිටදී ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්