leader s

ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන සහභාගිත්වය සම්බන්ධයෙන් පාකිස්තාන රජය හා ක්‍රිකට් මණ්ඩලය ගනු ලබන ඕනෑම  තීරණයකට සහාය දක්වන බවට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සිටින ඉහළම පෙලේ ක්‍රීඩකයින් සියලු දෙනාම ඊයේ (ඉරිදා) සවස ලාහෝර් නුවරදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති මෝසින් නක්වි හමුවූ අවස්ථාවේදී මේ සහයෝගය පළ කර තිබෙනවා.

“බංග්ලාදේශය ට සිදුවූ දෙයට විරෝධය පළ කිරීමේ රජයේ හා ක්‍රිකට් මණ්ඩලයේ ස්ථාවරයට අපි සියලු දෙනාම එක්ව සිටිනවා” යනුවෙන් මෙම ක්‍රීඩකයින් කියා තිබෙන බව පැවසෙනවා.

naqviමෝසින් නක්වි

 

ඉරිදා නිවේදනය කෙරුනු පාකිස්තාන T20 ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩකයින්ට බංග්ලාදේශ අර්බුදය සම්බන්ධයෙන් වන අලුත්ම තත්ත්වය පහදා දීම පිණිස නක්වි ඔවුන් මුණගැසුනේ අසාධාරණ තීන්දුවකින් බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීම මධ්‍යයේ එම තරගාවලියට පාකිස්තාන කණ්ඩායමේ සහභාගිත්වය ද අවිනිශ්චිතව තිබෙන අවස්ථාවක.

T20 ලෝක කුසලාන සංචිතයක් නම් කිරීම හා තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවසන් තීරණය යන කාරණා දෙක එක සමාන නොවන බව නක්වි පාකිස්තාන ක්‍රීඩකයින් හා ප්‍රධාන පුහුණුකරු මයික් හෙසන් මුණගැසීමට ඊයේ පැමිණි අවස්ථාවේ ප්‍රකාශ කළා.

විශේෂයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව හරහා පවත්වන තරගවලදී පාකිස්තානය දරන මතය රජයේ මට්ටමින් අලුතෙන්ම මතුවන තත්ත්යන් සමග ඉතාමත් සමීපව බැඳී ඇති බව නක්වි නැවත නැවත කියා සිටියා

 

javedආකිබ් ජාවඩ්

සංචිතය නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී, තරගාවලියට පාකිස්තාන කණ්ඩායමේ සහභාගිත්වය සම්බන්ධයෙන් පාකිස්තාන තේරීම් නිලධාරී ආකිබ් ජාවඩ්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු මෙසේ කියා සිටියා. “ක්‍රීඩකයින් හා කළමනාකාරිත්වය වශයෙන් අපි ලෝක කුසලාන තරගාවලියට සූදානම් වනවා. නමුත්‌ මේ පිළිබඳ අවසන් තීරණය ගන්නේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සහ රජයයි.

තරගාවලියෙන් ඉවත්වීමේ හැකියාව පිළිබඳව ක්‍රීඩකයින් ද සාකච්ඡා කරමින් සිටි බව පැවසෙනවා. “නායක සල්මන් අඝා ඇතුළු ක්‍රීඩකයින් මේ සම්බන්ධව සාකච්ඡා කළා. ලෝක කුසලානයට සූදානම් විය යුතුද නැද්ද කියා ඔවුන් සිටින්නේ අඩමානයෙන්. ඒ නිසා නක්විගේ උපදෙස් ඔවුන්ට උපකාරයක් වනවා.”

icc bang scot
බංග්ලාදේශයේ ලෝක කුසලාන තරග ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ට වෙනස් කරන ලෙසට කෙරුනු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔවුන්ගේ ස්ථානයට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) පියවර ගෙන තිබෙනවා. ස්කොට්ලන්තය තරගාවලියට ඇතුළත් කරගත් බවට නිවේදනය වීමෙන් පසුව නක්වි, තරගාවලියට පාකිස්තානයේ සහභාගි වීම ද රජයේ අවසරය මත රැඳී තිබෙන බව ප්‍රකාශ කරමින් ක්‍රිකට් ලෝකයේ කැලඹීමක් ඇති කළා.

“අපි T20 ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා ද නැද්ද පිළිබඳ තීරණය ගන්නේ රජයයි” නක්වි සෙනසුරාදා කියා තිබුණා.

“අපේ අගමැති (ෂාබාස් ෂරිෆ්) මේ දිනවල ඉන්නේ රටින් පිට. ඔහු ආවාම අපි ඔහුගෙන් උපදෙස් පතනවා. රජයේ තීරණය අවසාන තීරණයයි. ඔවුන් එපා කිවුවොත්, වෙනත් කණ්ඩායමකට ආරාධනා කරන්න ICCයට පුළුවන්.”

PCBයට විකල්පීය සැලසුම් තිබෙන බව ද නක්වි පවසනවා. “වෙලාව ආවම පාවිච්චි කරන්න පුළුවන් ‘ඒ’, ‘බී’ හා ‘සී’ වශයෙන් සැලසුම් අපි ළඟ තියෙනවා. අපි මීට පෙර චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුර මේක කරලා තියෙන නිසා මේක අපිට අමුතු දෙයක් නෙවෙයි. මෙවැනි දේවල් හසුරුවන්නේ කොහොමද කියලා අපි දන්නවා.”

pakind 23r
ලෝක කුසලාන තරගාවලියෙන් පාකිස්තානය ඉවත් වීමක් ICCයට වදින දරුණු පහරක් වනු ඇත්තේ පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය ඩොලර් මිලියන 500ක පමණ ආදායමක් උපදවන බැවින්.

කෙසේ වෙතත්, පාකිස්තානය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව දැනටමත් මධ්‍යස්ථ ස්ථානයක ක්‍රීඩා කරන බැවින් ඔවුන් තරගාවලියට සහභාගි නොවීමේ හේතුව නීත්‍යානුකූල නොවන බවට ICC විසින් තීරණය කිරීමට ඉඩ තිබෙනවා. එවිට පාකිස්තානය ට දැඩි මූල්‍යමය විපාකවලට මුහුණ දීමට සිදුවනවා.

මේ අතර, පවතින ක්‍රිකට් ක්‍රමයට අභියෝග කළ හැකි හොඳම අවස්ථාව මෙය නිසා ස්ථීර තීරණයක් ගන්නා ලෙසට හිටපු පාකිස්තාන නායක රෂිඩ් ලතිෆ් PCBයට උදක් බලකර සිටිනවා.

lathifරෂිඩ් ලතිෆ්

“පාකිස්තාන-ඉන්දියා තරගය නොපැවැත්වුනොත් ලෝක කුසලාන තරගාවලියෙන් සියයට 50ක් ඉවරයි. පවතින ක්‍රිකට් ක්‍රමයට අභියෝග කරන්න මේක විශිෂ්ට අවස්ථාවක්. අපි බංග්ලාදේශය සමග සිටගෙන ඉන්න බව කියමින් T20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම පාකිස්තානය ප්‍රතික්ෂේප කළ යුතුයි. ස්ථාවර මතයක ඉන්න හොඳම වෙලාව මෙයයි. ඒක කරන්න ශක්තිමත් හදවතක් අවශ්‍යයි” ලතිෆ් පවසනවා.

තරගාවලියෙන් ඉවත් වීම සම්බන්ධ ඔ්නෑම තීරණයකට හිටපු PCB සභාපති නජාම් සෙති ද සහයෝගය පළකර තිබෙනවා. “එය අමාරු තීරණයක් වේවි. නමුත් මම ඒකට මගේ සහයෝගය ලබා දෙනවා. මෝසින් නක්වි ට මේ ක්‍රීඩාව ගැනත් සියලු අංශ ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා. ඔහු ගන්නා ඔ්නෑම තීරණයක් නිවැරදි එකක් වේවි. ඒ තීරණයේ ඔහු නොවෙනස්ව සිටිය යුතුයි” සෙති සඳහන් කරනවා.

‌මේ අනුව දැනට, පාකිස්තානයේ 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම තාවකාලිකව රැඳී තිබෙන්නේ කඩදාසියේ සකස් කර ප්‍රතිපත්තියක් ලෙස තීරණය නොවුණු තත්ත්වයකයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්