leader s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් පාලනාධිකාරිය දේශපාලන ලැදියාවන් ප්‍රමුඛ කරගනිමින් කටයුතු කරන බවට පවසමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊයේ (3 වැනිදා) නව ගෝලීය ක්‍රිකට් ආයතනයක් පිහිටුවීම සඳහා අනෙකුත් රටවලට ආරාධනා කළේය.


ඔහු සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම ප්‍රකාශය සිදු කළ ඇති අතර එහිදී ඔහු අයි.සී.සීය ඉන්දියානු දේශපාලන මතයන් වෙනුවෙන් කටයුතු කරන බවට චෝදනා කළේය.

එහිදී වැඩිදුරටත් අසීෆ් දක්වා තිබූ ලෙස "මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ජීවය ජීවමානව තබා ගැනීම සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ නව ජාත්‍යන්තර සංවිධානයක් අවශ්‍යයි. වත්මන් අයි.සී.සී පාලනාධිකාරිය දකුණු ආසියාවේ ඉන්දියානු දේශපාලන අවශ්‍යතා සඳහා ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇත." යනුවෙන් සඳහන් කොට තිබුණි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විස්සයි ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම සඳහා තම ජාතික කණ්ඩායමට අවසර දී ඇති බව පකිස්ථාන රජය පසුගියදා නිවේදනය කළේය.

කෙසේ වෙතත්, ජාතික කණ්ඩායම පෙබරවාරි 15 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගය වර්ජනය කරන බව පවසා සිටියේය.

එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතිචාර දක්වමින්, පාකිස්තානයේ තීරණය "ගෝලීය ක්‍රීඩාවේ හෝ පාකිස්තානයේ මිලියන ගණනක් ඇතුළුව ලොව පුරා සිටින රසිකයන්ගේ සුභසාධනය සඳහා නොවන" බව දක්වා තිබුණි.

| aruna

| Pakistan Defence Minister Khawaja Asif Calls For New Global Cricket Body, Slams ICC Over 'Indian Influence'

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්