leader s

ශ්‍රී ලංකාව ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරමින් හෙට (8) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය සමග තරග වදිනවා.
මේ ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කොටස සැකසී තිබෙන්නේ හිටපු ශූරයින් දෙදෙනෙකු සහ ජගත් ක්‍රිකට් වේදිකාවේ නැගී එන කණ්ඩායම් තුනකින්.


ශ්‍රී ලංකාව මේ කොටසේ සිටින හිටපු ශූරයින් දෙදෙනාගෙන් කෙනෙකු වන අතර ඔවුන් උත්සාහ කරනු ඇත්තේ 2014 වසරේ කණ්ඩායමේ වික්‍රමයන් සමග කරට කර සිටීමටයි.

මේ කොටසේදී ශ්‍රී ලංකාව 2021 ශූරයින් හා වර්තමානයේ ලොව දෙවැනියට ශ්‍රේණිගතව සිටින ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය, ඔ්මානය හා සිම්බාබ්වේ සමග එක්ව සිටිනවා.

‘බී’ කොටසේදී අනපේක්ෂිත දේවල් සිදුවෙමින් විස්මිත ප්‍රතිඵල ලැබීමට ඉඩ තිබෙන්නේ මේ කොටසේ ඉහළින්ම සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෑතකදී පාකිස්තානයේ කළ සංචාරයේදී ලැබූ අන්ත පරාජය හේතුවෙන්. ලාහෝර් නුවරදී කැන්ගරුවන් තරග තුනකින් පැරදුනේ දඟ පන්දු ප්‍රහාරයට යටත්‌ වෙමින්. ශ්‍රී ලංකාව ද පල්ලෙකැලේදී එංගලන්තය හමුවේ තරග තුනෙන් ම පරාජය වූයේ දඟ පන්දුව ඉදිරියේ අසරණ වෙමින්. ‘බී’ කොට‌සේ පෙරමුණේ සිටින මේ කණ්ඩායම් දෙකට ම දැන් දඟ පන්දුව පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබීම එම කොටස විවෘත වීමට ප්‍රධාන හේතුවක්.

ඔස්ට්‍රේලියාව 

Mitchell Marsh
ශක්තිමත් පිතිකරු පෙලකින් හා බොහෝ පළපුරුද්දක් තිබෙන පන්දු යවන්නන්ගෙන් පිරී තිබෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට මිචල් මාෂ් නායකත්වය දෙනවා.

එසේ වුවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ ඔස්ට්‍රේලියාවේ මෑත වාර්තාව ජය හා පරාජයෙන් මිශ්‍ර වූ එකක්.
2012 වසරෙන් පසුව කැන්ගරුවන් අවසන් පූර්ව වටයට පිවිස තිබෙන්නේ එක් වතාවක් පමණයි. එම 2021 තරගාවලියේදී ඉදිරියටම ගිය ඔස්ට්‍රේලියාව අවසන් තරගයේදී නවසිලන්තය පරාජය කළා.

එදා සුපිරි ක්‍රීඩකයා වෙමින් අවසාන තරගයේදී නොදැවී ලකුණු 77ක් වාර්තා කළ මාෂ් දැන් ඔහුගේ දෙවැනි තරගාවලිය සඳහා කණ්ඩායමට නායකත්වය දෙනවා. මීට දෙවසරකට පෙර ඔහු නායකත්වය දුන් තරගාවලියේදී ඔස්ට්‍රේලියානුවන්ගේ ගමන සුපිරි අට වටයෙන් අවසන් වුණා.

Aust mat
ට්‍රැවිස් හෙඩ්, ග්ලෙන් මැක්ස්වල් හා කැමරන් ග්‍රීන් වැන්නවුන් පිතිහරඹයෙන් ශක්තිය ලබා දෙන අතර ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් වන ඇඩම් සම්පා හා කූපර් කොනලිගෙන් බොහෝ දේවල් අපේක්ෂා කෙරෙනවා.
අයර්ලන්තය ට එරෙහිව සිය ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කරන ඔස්ට්‍රේලියාව තරගාවලියේ වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සහ 2021 වසරෙන් පසුව ප්‍රථම වතාවට පිළිමළුන් පිටු දැකීමේ අදියරට නැවත පැමිණීමට උනන්දුවෙන් පසුවනවා.

ශ්‍රී ලංකාව

‘බී’ කොටසේදී ඔස්ට්‍රේලියාවේ ලොකුම අභියෝගය බවට පත්ව සිටින්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ වර්තමාන ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව.

T20 ලෝක කුසලානයේ පළමු තරගාවලියන් පහේදී ම අවසාන තරග තුනකට සහ අවසන් පූර්ව තරගයකට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කෙසේ වෙතත්, 2014 වසරේ ජයග්‍රාහකයින් ඒ සාර්ථකත්වය සමග සමාන වීමට පසුගිය දශකය තිස්සේ වෙහෙසෙමින් සිටින අතර ඔවුන්ට නරකම ප්‍රතිඵලය විඳීමට සිදුවූයේ වසර දෙකකට පෙර කැරිබියන් හි පැවති තරගාවලියේ. එහිදී ශ්‍රී ලංකාව ඔවුන්ගේ පළමු තරග දෙක දකුණු අප්‍රිකාව ට සහ බංග්ලාදේශය ට පරාජය වෙමින් මූලික වටයෙන් ඉවතට ගියා.

දැන් මව්බිමේදී, මෙවර තරගාවලියේ තියුණු අවසානය වෙත අභියෝග කිරීමට ඔවුන් බලාපොරොත්තු වනු ඇති අතර අනෙක් සෑම කණ්ඩායමකට ම වඩා තණතීරු හා ක්‍රීඩා තත්ත්වයන් පිළිබඳ දැනුමකින් ඔවුන් සන්නද්ධව සිටිනවා.

Dasun Shanaka Charith Asalanka 810x456
දසුන් ශානක කණ්ඩායමට නායකත්වය දෙන අතර වනිඳු හසරංග, මහීෂ පතිරණ සහ දුෂ්මන්ත චමීරගේ සංයෝජනයෙන් යුත් ශ්‍රී ලංකාවේ පන්දු ප්‍රහාරය දරුණු වීමට ඉඩ තිබෙනවා.
පිතිකරුවන් ද ඔවුන්ගේ යුතුකම සාර්ථකව ඉටු කිරීම ශ්‍රී ලංකාව ට අවශ්‍යයි. එංගලන්තය ට එරෙහිව මෑතකදී පැවති තරගමාලාවේදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තමා පිතිහරඹයේ හොඳ තත්ත්වයක සිටින බව ප්‍රදර්ශනය කර තිබෙන අතර මනා පළපුරුද්දක් ඇති කුසල් මෙන්ඩිස් ද ඔහුගේ දක්ෂතාව තහවුරු කර තිබෙනවා.

සිම්බාබ්වේ

සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට නැවත පැමිණෙන්නේ මීට දෙවසරකට ඉහත පැවති තරගාවලිය අහිමි වීමෙන් පසුව.

raza17012402
නායක සිකන්දර් රාසා හා කඩුලු රකින බ්‍රෙන්ඩන් ටේලර් ඇතුළු හොඳින් දන්නා මුහුණු කිහිපයක් තිබුණත්, සිම්බාබ්වේ කණ්ඩායම අප්‍රිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරග හරහා ප්‍රධාන තරගාවලියට රැගෙන ඒමේදී ලොකු කාර්යභාරයක් ඉටු කළේ ඔවුන්ගේ සංචිතයේ සිටින ළාබාලතම ක්‍රීඩකයායි.
බ්‍රයන් බෙනට් ට තවමත් වයස අවුරුදු 22 යි. නමුත් ඔහු ඔහුගේ රටේ භූමියේදී සිය ජීවිතයේ උපරිම දක්ෂතාවයේ සිටියේ සිම්බාබ්වේ ට ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් ලබා ගැනීම සඳහා අර්ධ ශතක තුනක් සහ ශතකයක් ලබා ගනිමින්.

එම හපන්කම අනුගමනය කරමින් ඔහු නොවැම්බරයේ පැවති පාකිස්තානය හා ශ්‍රී ලංකාව ට එරෙහි තුන්කොන් තරගාවලියේදී සාර්ථක ඉනිම වාර්තා කළ අතර මේ වතාවේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරලිකාර යමක් සිදු කරන්නේ නම් එහිදී ඔහු ප්‍රධාන සාධකයක් වීමට ඉඩ තිබෙනවා.

සිවු වසරකට පෙර පාකිස්තානය උඩුයටිකුරු කළ සිම්බාබ්වේ කණ්ඩායම ඔ්මානය ට එරෙහිව තරගාවලියේ ජයග්‍රාහී ආරම්භයක් ඉක්මනින් ලබා ගැනීම ඉලක්ක කරගෙන සිටිනවා.

ඕමානය

ආසියානු හා නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලබා ගැනීම හරහා ඕමානය මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පිවිසෙන්නේ සිවු වැනි වතාවට.  
මීට කළින් ඔවුන් සහභාගි වූ අවස්ථා තුනේදී ඕමානය මේ තරගාවලියේ ජයග්‍රහණයක් වාර්තා කර තිබෙන්නේ 2016 වසරේ ඔවුන්ගේ මංගල තරගාවලියේදී පළමු තරගයෙන් ම අයර්ලන්තය පරදවමින්.
oman
ජටින්ඩ සිං කණ්ඩායමට නායකත්වය දෙමින් ලකුණු රැස් කිරීම ආරම්භ කරන අතර ඔහුට උපනායක හා කඩුලු රකින විනයක් ෂුක්ලාගෙන් මනා සහායක් ලැබෙනවා.

ඕමානයේ ශක්තිය ඔවුන්ගේ පන්දු ප්‍රහාරය වීමට ඉඩ තිබෙනවා. ජිටන් රාමනන්දි, සුෆ්යාන් මෙහෙමූද් සහ නදීම් ඛාන් යන පන්දු යවන්නන් සියලු දෙනාම සුදුසුකම් ලබා ගැනිමේ තරගවලදී අප්‍රමාණ සාර්ථකත්වයක් ලබා ගෙන තිබෙනවා.

44 හැවිරිදි ආමිර් ඛලීම් හා 43 හැවිරිදි ‌මොහමඩ් නදීම්ගෙන් ඕමානය සතුව මේ තරගාවලියේ වයස්ගතම ක්‍රීඩකයින් දෙදෙනා සිටිනවා.

අයර්ලන්තය

මංගල තරගාවලිය හැරුනුවිට සෑම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ට ම අයර්ලන්තය සහභාගි වී තිබෙන අතර මෙවර සුපිරි අට වටයට පිවිසීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

ඔවුන් අවසන් වතාව පළමු වටයේ සිට ඉදිරියට ගියේ 2022 තරගාවලියේ. එහිදී අයර්ලන්තය පසුව ශූරයින් වූ එංගලන්තය ට ඔවුන්ගේ එකම පරාජය අත්කර දුන්නා.

පෝල් ස්ටර්ලිං නැවත වරක් කණ්ඩායම මෙහෙයවන අතර ඔහු අයර්ලන්තය මීට පෙර සහභාගි වූ සෑම ලෝක කුසලාන තරගාවලියකම ක්‍රීඩා කර තිබෙනවා
ඔහු ළඟින් ඔ්නෑ තරම් පළපුරුද්දක් තිබෙන ප්‍රවීණ දඟ පන්දු යවන්නෙකු වන ජෝර්ජ් ඩොක්රල් සහ කඩුලු රකින ලෝකැන් ටකර් වැනි ක්‍රීඩකයින් සිටිනවා.

1768715485955 Ireland Team
ජොෂ් ලිට්ල් පළමු වතාවට තරග බිමට පිවිසි දා පටන් කණ්ඩායමේ දිලෙන ආලෝකය බවට පත්ව සිටින අතර 23 හැවිරිදි දඟ පන්දු යවන්නකු වන මැතිව් හම්ෆ්‍රේස් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඉතාලිය සමග මෑතක පැවති තරගවලදී අවධානය දිනාගෙන සිටිනවා.
2026 T20 ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කොටසේ තරග ලබන ඉරිදා (8) ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ගැටුමෙන් ආරම්භ වනවා.

‘බී’ කොටසේ තරග

* පෙබරවාරි 8 (පස්වරු 7.00) ශ්‍රී ලංකාව හා අයර්ලන්තය - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
* පෙබරවාරි 9 (පස්වරු 3.00) ඕමානය හා සිම්බාබ්වේ - එස්.එස්.සී. ක්‍රීඩාංගණය
* පෙබරවාරි 11 (පස්වරු 3.00) ඔස්ට්‍රේලියාව හා අයර්ලන්තය - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
* පෙබරවාරි 12 (පෙරවරු 11.00) ශ්‍රී ලංකාව හා ඕමානය - පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
* පෙබරවාරි 13 (පෙරවරු 11.00) ඔස්ට්‍රේලියාව හා සිම්බාබ්වේ - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
* පෙබරවාරි 14 (පෙරවරු 11.00) අයර්ලන්තය හා ඔ්මානය - එස්.එස්.සී. ක්‍රීඩාංගණය
* පෙබරවාරි 16 (පස්වරු 7.00) ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව - පල්ලෙකැලේ ක්‍රිඩාංගණය
* පෙබරවාරි 17 (පස්වරු 3.00) අයර්ලන්තය හා සිම්බාබ්වේ - පල්ලෙකැලේ ක්‍රීඩාංගණය
* පෙබරවාරි 19 (පස්වරු 3.00) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ - ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය
* පෙබරවාරි 20 (පස්වරු 7.00) ඔස්ට්‍රේලියාව හා ඔ්මානය - පල්ලෙකැලේ ක්‍රීඩාංගණය

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්