leader s

පාකිස්තාන අංක 8 පිතිකරු ෆහීම් අෂ්රෆ් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අද පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන ආරම්භක තරගයේදී නෙදර්ලන්තයෙන් ජයග්‍රහණය උදුරා ගත්තා.


ලකුණු 148ක ඉලක්කය හඹා යමින් සිටි පාකිස්තානයට අවසාන පන්දු 12න් ලකුණු 29ක් අවශ්‍යව තිබියදී ප්‍රවේගාකාරී පිතිහරඹයක් දියත් කළ ෆහීම් 19 වැනි ඕවරයේදී හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමග ලකුණු 24ක් රැස් කරමින් පාකිස්තානය කඩුලු තුනක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තරගයේ තවත් පන්දු තුනක් ඉතිරිව තිබියදී.

ඔහුගෙන් බැට කෑ පන්දු යවන්නා වූයේ ලෝගන් වැන් බීක්. ෆහීම් පන්දු 11කින් නොදැවී ලකුණු 29ක් වාර්තා කළා. ෆහීම් 20 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට හතරේ පහරකින් සංග්‍රහ කරමින් තරගය ජයග්‍රාහීව අවසන් කළා.

කඩුලු දෙකකට ලකුණු 98ක් ලබා ගෙන සිටි පාකිස්තානය නෙදර්ලන්ත පන්දු ප්‍රහාරය හමුවේ කඩුලු හතකට ලකුණු 114 දක්වා අසීරු අඩියකට ඇද වැටුනා.

dsdfds
පාකිස්තාන මැද පෙල සහ අග පෙල කඩා වැටුන ද, එක ඕවරයකදී (19 වැනි ඕවර) ෆහීම්, වැන් බීක් ට පහර පිට පහර එල්ල කළා. එම ඕවරයේ දෙවැනි පන්දුවට ෆහීම් එල්ල කළ උඩ පන්දුව අතහැරීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

“පසුගිය වසර තිස්සේ අපි ක්‍රීඩා කරමින් සිටියේ මේ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාවයි. හද ගැස්ම උඩට පල්ලෙහාට යනවා. මෙවැනි දේවල් මීට පෙර බොහෝ අවස්ථාවල සිදුව ඇති නිසා අපට මේක පුරුදුයි. ෂහීන් (අෆ්රිඩි නොදැවී 5) සහ මම කඩුලු බේරා ගැනීම ගැන කතා කරමින් සිටියා. ඕනෑම දෙයක් එක ඕවරයකින් ලබා ගන්න පුළුවන් බව අපි දැන සිටියා. අපි උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් තරග අවසන් කරන්නයි. නමුත් මේ වගේ තැන්වලදී අපි සන්සුන්ව සිටිය යුතුයි” ෆහීම් පැවසුවා.

ආරම්භක පිතිකරු සහිබ්සාඩා ෆර්හාන් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 31කින් ලකුණු 47ක් රැස් කළා. නෙදර්ලන්තය වෙනුවෙන් අර්යාන් ඩට් හා පෝල් වැන් මීකරන් කඩුලු දෙක බැගින් ලබා ගත්තා. නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 20න් 13කට ම යොදා ගත්තේ දඟ පන්දු යවන්නන්.

xvcxcv
ඊට කළින්, දර්ශනීය හතරේ පහරකින් නෙදර්ලන්ත ඉනිම ආරම්භ කළ මයිකල් ලෙවිට් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 15කින් ලකුණු 24ක් රැස් කළා. හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කළ ඔහු දැවී ගියේ සුපිරි සහාය උඩ පන්දු රැකීමකින්. ලෙවිට් හයේ පහරක් එල්ල කිරීමේදී බාබර් අසාම් උඩ පන්දුව රැක ගෙන හතරේ සීමාවෙන් පිටතට පය තැබීමට පෙර පන්දුව යළි පිටියට තුළට විසි කළ අතර ෂහීන් අෆ්රිඩි පැමිණ එම පන්දුව අල්ලා ගත්තා.

බාස් ඩෙ ලීඩ්, කොලින් ඇකර්මාන් සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34ක් ද, නායක ස්කොට් එඩ්වර්ඩ්ස් සමග සිවු වැනි කඩුල්ලට ලකුණු 40ක් ද එක් කළා. පන්දු 25කට මුහුණ දුන් බාස් හතරේ පහර 4ක් සමග ලකුණු 30ක් ලබා ගත්තා. එඩ්වර්ඩ්ස් හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 29කින් ලකුණු 37ක් රැස් කළා.

නෙදර්ලන්තය ට පන්දු පහක් ඇතුළත කඩුලු තුනක් අහිමි වුණා. සයිම් අයුබ් 17 වැනි ඕවරයේදී කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වුණා.

“අපි අපේ උපරිම ක්‍රීඩාවේ සිටියේ නැහැ” යනුවෙන් නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් කියා සිටියා. “පොඩි දේවල් පසුව ඔබට වේදනාව ගෙන එනවා. වැදගත් අවස්ථාවලදී අපට නිරන්තරයෙන් කඩුලු අහිමි වුණා.”

පළමුව ලකුණු රැස් කිරීම පිණිස කැඳවනු ලැබූ නෙදර්ලන්තය ඉනිමේ පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 147කට දැවී ගියා.

පාකිස්තානය වෙනුවෙන් වඩාත්ම සාර්ථක පන්දු යවන්නා වෙමින් සල්මන් මිර්සා ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙලූ අතර මොහමඩ් නවාස්, අබ්රා අහමඩ් හා සයිම් අයුබ් කඩුලු 2 බැගින් ලබා ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්