leader s

මෙසීව හැඩකරන රිවේරා ළඟට එංගලන්ත ක්‍රීඩකයින් ආවේ ඇයි? ලෝක කුසලාන මෙහෙයුමේ 'ස්ටයිලිෂ්' ආරම්භය!


කොස්ට රීකා ජයග්‍රහණයෙන් පසු මයාමි සැලූනය කැළඹෙයි: සාකා, රෑෂ්ෆර්ඩ් ඇතුළු තරු පෙළම එකම පෝලිමක!

"සිහිනයක් සැබෑ වුණා, තෑන්ක්ස් මයි බ්‍රදර් ජූඩ්!" - එංගලන්ත ක්‍රීඩකයන්ගේ කොණ්ඩ මෝස්තරයෙන් පසු බාබර් රිවේරා ඉන්ස්ටග්‍රෑම් හි තැබූ හැඟුම්බර සටහන.


ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස අමෙරිකාව ට පැමිණ සිටින එංගලන්ත ක්‍රීඩකයින් පෝලිමේ ගොස් ආජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසීගේ බාබර්ගෙන් කොණ්ඩය කොට කරගෙන තිබෙනවා.

 

c45yw45w46

කීර්තිමත් බාබර් කෙනෙකු වන ලුවීස් අන්ඩ්‍රේස් රිවේරා (Luis Andres Rivera) වෙත ජූඩ් බෙලිංහම් ඇතුළු එංගලන්ත කණ්ඩායමෙන් අඩක් මෙසේ පැමිණ තිබෙන්නේ ලෝක කුසලාන තරග බිමට පා තැබීමට පෙර හැඩවීමට බව පැවසෙනවා.

w54ybhh

 

එංගලන්තය මිත්‍ර තරගයකින් කොස්ට රීකා කණ්ඩායම 3-0කින් පරාජය කිරීමෙන් පසුදින උදයේ තමාගේ මයාමි නගරයේ බාබර් සාප්පුවට පැමිණි එංගලන්ත ක්‍රීඩකයින්ව රිවේරා ඉතාමත් සතුටින් පිළිගත් බව වාර්තා වනවා.

අමෙරිකාවේ ප්‍රධානතම පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන ආජන්ටිනා ලෙජන්ඩ් මෙසී රතු පලසේ උත්සවයන්ට සහභාගි වීමට පෙර කොණ්ඩය ට්‍රිම් කරගෙන ලස්සන වෙන්නේ රිවේරාගේ මේ සැලූනයේ වන අතර ඔහු බෙලිංහම්ගේ මිතුරෙකි.

එංගලන්ත කණ්ඩායමේ ආරම්භක ලෝක කුසලාන තරගයට සූදානම් වෙමින් සිටි ක්‍රීඩකයින් ඔවුන්ගේ පෙනුම සියුම්ව සකස්කර ගැනීම පිණිස පෝලිම් ගැසී සිටි බව පැවසෙනවා.

messsi57uneu

මාකස් රෑෂ්ෆර්ඩ්, කාබී මේනූ, ඊබ්රැකී ඊස්, රීස් ජේම්ස්, ඔලී වොට්කින්ස්, මාක් ගේහී, බුකයෝ සාකා, ජෙරල් කොන්සා, නිකෝ ඔ්රලි, ජෝඩන් පික්ෆර්ඩ් සහ එලියට් ඇන්ඩර්සන් යන එංගලන්ත ක්‍රීඩකයින් රිවේරාගේ අලංකාර කොණ්ඩ ට්‍රිම් කිරීම්වලින් සතුටට පත්ව තිබෙනවා.

එංගලන්ත ලෝක කුසලාන පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කොණ්ඩා ට්‍රිම් කිරීමෙන් පසුව රිවේරා ඔහුගේ ඉන්ස්ටග්‍රෑමයේ මෙසේ පෝස්ටුවක් දැමුවා: “මාව හමුවෙන්න ඇවිත් මේ සිහිනය මට සැබෑ කර දුන්නාට ස්තූතියි මගේ සහෝදර ජූඩ් බෙලිංහම්. සොයුර මම ඔබට ආදරෙයි!”

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්