පැරගුවේ කණ්ඩායමේ මතියාස් ගලර්සා (Matias Galarza) තුර්කිය ට එරෙහිව සෙනසුරාදා පැවති ලෝක කුසලාන පාපන්දු තරගය ආරම්භ වී
තත්පර 65ක් ගතවෙද්දී ගෝලයක් ලබා ගනිමින් 2026 ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම ගෝලය වාර්තා කළා.

එදින ඊට කළින්, මොරොක්කෝවේ Ismael Saibari එම වාර්තාව හිමිකර ගත්තේ ස්කොට්ලන්තය සමග තරගයේ 71 වැනි තත්පරයේ ගෝලයක් ලබා ගනිමින්. කෙසේ වෙතත්, ඒ වාර්තාව එතරම් වේලාවක් නොපැවතුනේ පැරගුවේ ලබා ගත් ප්‍රවේගකාරී ආරම්භයෙන් ප්‍රයෝජනය ගත් ගලර්සා ඔහුගේ කණ්ඩායමේ මේ ජය ගත යුතුම තරගයේදී ඔවුන්ට මුලදීම පෙරමුණ ලබා දුන් බැවින්.
ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වේගවත්ම ගෝලයේ වාර්තාව උසුලන්නේ තුර්කියේ Hakan Sukur. ඔහු මේ වාර්තාව පිහිටුවූයේ 2002 වසරේ දකුණු කොරියාව ට එරෙහි තරගය ආරම්භ වී තත්පර 11ක් පමණක් ගතව තිබියදී ගෝලයක් ලබා ගනිමින්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ තරගයක පළමු මිනිත්තුව ඇතුළත ගෝලයක් ලබා ගෙන තිබෙන්නේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණයි.
*Hakan Sukur (තුර්කිය), 2002 වසරේදී දකුණු කොරියාව ට එරෙහිව - තත්පර 11
*Vaclav Masek (චෙකොස්ලොවේකියාව), 1962 වසරේදී මෙක්සිකෝව ට එරෙහිව - තත්පර 15
*Ernest Lehner (ජර්මනිය), 1934 වසරේදී ඔස්ට්‍රියාව ට එරෙහිව - තත්පර 25
*Bryan Robson (එංගලන්තය), 1982 වසරේදී ප්‍රංශය ට එරෙහිව - තත්පර 28
*Clint Dempsey (අමෙරිකාව), 2014 වසරේදී ඝානාව ට එරෙහිව - තත්පර 30
*Bernard Lacombe (ප්‍රංශය), 1978 වසරේදී ඉතාලිය ට එරෙහිව - තත්පර 31
*Arne Nyberg (ස්වීඩනය), 1938 වසරේදී හංගේරියාව ට එරෙහිව - තත්පර 35
*Emile Veinante (ප්‍රංශය), 1938 වසරේදී බෙල්ජියම ට එරෙහිව - තත්පර 35
*Pak Seung-zin (උතුරු කොරියාව), 1966 වසරේදී පෘතුගාලය ට එරෙහිව - තත්පර 50
*Florian Albert (හංගේරියාව), 1962 වසරේදී බල්ගේරියාව ට එරෙහිව - තත්පර 50
*Aldabert Desu (රොමේනියාව), 1930 වසරේදී පෙරූ ට එරෙහිව - තත්පර 50
*Celso Ayala (පැරගුවේ), 1998 වසරේදී නයිජීරියාව ට එරෙහිව - තත්පර 52
*Mathias Jorgensen (ඩෙන්මාර්කය), 2018 වසරේදී ක්‍රොඒෂියාව ට එරෙහිව - තත්.55
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







