leader s

පෘතුගාලය ගෝල් 5-0කින් උස්බෙකිස්තානය පැරදවීමේදී තම කණ්ඩායම වෙනුවෙන් ගෝල් දෙකක් ලබා ගත් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ රූපවාහිනී කැමරාවක් ඉදිරියේ “මම නැවත ආවා! මම නැවත ආවා!” යනුවෙන් කෑගැසුවේ තමා මේ ලෝක කුසලාන තරගාවලියේ පෘතුගාලය ට තිබෙන ප්‍රශ්නය බවට චෝදනා කළ පුද්ගලයින්ට ප්‍රබල පණිවුඩයක් දෙමින්.


ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමේ ‌ෙඑතිහාසික වික්‍රමය සමරද්දී මේ 41 හැවිරිදි ක්‍රීඩකයාට ඔහුගේ හැඟීම් හෝ සතුට දරා සිටීම සඟවා තබා ගැනීමට හැකිවුනේ නැහැ.

එය ඔහුව පසෙකට දැමූ විචාරකයින්ට ලබා දුන් පරිපූර්ණ ප්‍රතිඋත්තරයක් ද වුණා.

ronaldo 3

ආජන්ටිනාවේ ලයනල් මෙසී, ප්‍රංශයේ කිලියන් ම්බප්පේ, නෝවේ අර්ලිං හාලාන්ඩ්, බ්‍රසීලයේ විනීසියස් ජූනියර් හා එංගලන්තයේ හැරී කේන් ඇතුළු අනෙකුත් ගෝලීය පාපන්දු තරු මෙවර තරගාවලියේ පළමු සති දෙකේදී අතිවිශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කරද්දී රොනාල්ඩෝ පමණක් අසමත් වෙමින් කොංගෝවට එරෙහි පෘතුගාලයේ පළමු තරගය ගෝල් 1-1ක් ලෙස ජය පැරදුමින් තොරව අවසන් වීමෙන් පසුව ඔහු ප්‍රබල විවේචනයකට ලක්වුණා.

“වෙහෙස වෙලා වැඩ කරන අයට දෙවියන්ගේ පිහිට ලැබේවා” යනුවෙන් රොනාල්ඩෝ ජයග්‍රාහී තරගයෙන් පසුව පැවසුවා. “ගෙවී ගියේ අමාරු, අඳුරු සතියක්. මට දැනුනේ මම දැනටමත් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගෙන ඇතැයි යන හැඟීමක්. නමුත් මම හැම වෙලේම කරනවා වගේ මේ පාරත් අල්ලගෙන හිටියේ, මම පාපන්දුවට වඩා වෙහෙස වී වැඩ කරන එක ගැන විශ්වාස කරන නිසා. ඒක අමාරු වුණු බව මම පිළිගන්න ඔ්න. නමුත් අපි නැවත ඇවිත් ඉන්නවා.”

“මම වෘත්තීය ක්‍රීඩකයෙකු වෙලා දැන් අවුරුදු 23ක් වෙනවා. දේවල් හරියට සිද්ධ නොවන හැම අවස්ථාවකම කියන්නේ, ‘ක්‍රිස්ටිආනෝ ඉවරයි, එයා දැන් මහලුයි’ කියලයි. නමුත් මෙය මගෙන් හා මගේ කණ්ඩායම් සගයින්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිඋත්තරයක්. අපට අවශ්‍ය වෙලා තිබුනේත්‌ මෙයයි” රොනාල්ඩෝ සඳහන් කළා.

“මා ගැන කතා කරනවා නම්, වාර්තා බිඳ දැමීම හැමවිටම හොඳයි. නමුත් මගේ ඉලක්කය වී තිබෙන්නේ ජාතික කණ්ඩායමට ඔවුන්ගේ අරමුණු කරා යාමට උදව් කිරීමයි. මේ කාරණයේදී එය තරගාවලියේ ඊළඟ අදියරට යාමයි. අපට දැන් ලකුණු හතරක් තියෙන නිසා අපි දැනමටත් ඒක කරලා ඉවරයි කියා මම හිතනවා.” “අද මම පිටියේ හොඳම ක්‍රීඩකයා වුණා. හෙට තව කෙනෙක් එහෙම වේවි. අපි එකමුතු නම් අපට මේ තරගාවලියේ ගොඩක් දුර යන්න පුළුවන් කියලා මම හිතනවා.” ලයනල් මෙසී ගැන විමසූ විට රොනාල්ඩෝ මෙසේ පිළිතුරු දුන්නා: “මෙසී ගැන මට වැඩක් නැහැ!”

 

Cristiano Ronaldo celebrates goal Portugal Uzbekistan Reuters 1200 2026 06 b28e142bc99b9716ec4b3b9c006cb29e

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දැන් ප්‍රමාද වී හෝ සෙසු ගෝලීය ගෝල්ලාභීන්ගේ පාටියට ඇතුළු වී සිටිනවා. ඔහු පැමිණ සිටින්නේ සිත් ඇද ගන්නා විලාසයෙන්. සිය වාර්තාගත ප්‍රහාරයෙන් උස්බෙකිස්තානය ට එරෙහිව ගෝල් ලබා ගැනීම ආරම්භ කිරීම සඳහා රොනාන්ඩෝ ට අවශ්‍ය වුනේ මිනිත්තු හයක් පමණයි. ඉන්පසු තරගයේ විවේක කාලයට පෙර තවත් වතාවක් පන්දුව දැල තුළට යැවීමට ඔහු සමත් වුණා. තරගයේ දෙවැනි භාගයේදී ඔහුගේ කණ්ඩායම් සගයන්ගේ උත්සාහය තිබුනත් ඔවුන්ගේ නායකයාට ඔහු දැඩිසේ ආසා කළ ‘හැට්-ට්‍රික්’ සුවිශේෂී අවස්ථාව ලබා ගැනීමට නොහැකි වුණා.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී යන දෙදෙනාම 2006 වසරේ සිට පැවති සෑම ලෝක කුසලාන පාපන්දු තරගාවලියකටම ක්‍රීඩා කර තිබෙනවා. මෙසී සතුව ගෝල් 18ක් තිබෙන අතර රොනාල්ඩෝ ලබා ගෙන තිබෙන්නේ ගෝල් 10ක් පමණයි. එහෙත් මෙසී 2010 වසරේ පැවති තරගාවලියේදී ගෝල් ලබා ගැනීමට අසමත් වුණා. ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩිඒගෝ මැරඩෝනා.

අද ජූනි 24 වැනිදා මෙසී 39 වැනි වියට පා තබද්දී, රොනාල්ඩෝ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ දෙවැනියට වයස්ගතම ගෝල්ලාභියා බවට පත්වනවා. ඔහු දෙවැනි වන්නේ 42 වැනි වියේ පසුවෙමින් සිටියදී රුසියාව ට එරෙහිව 1994 වසරේදී ගෝලයක් ලබා ගත් කැමරූන් දේශයේ රොජර් මිල්ලා ට යි.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්