leader s

කැලිෆෝනියා ඉතිහාසයේ තමන්ගේ නම යෙදූ වාර්ෂික දිනයකින් ගෞරව කෙරෙන පළමු චීන අමෙරිකානු ජාතිකයා බවට සටන් කලාවේ ප්‍රධානතම සංකේතයක් වන බෲස් ලී පත්වනවා.


මැයි 17 වැනි දිනය ‘බෲස් ලී දිනය’ ලෙස නිල වශයෙන් හඳුන්වන නීතියකට කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිවුසම් (Gavin Newsom) අඟහරුවාදා සවස අත්සන් කළා.

1940 වසරේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ උපත ලැබූ ලී ඔහුගේ ළමා කාලය හොංකොං දේශයේ ගත කිරීමෙන් පසුව 18 වැනි වියේ පසුවෙමින් සිටියදී 1959 වසරේ මැයි 17 වැනිදා නැවත අමෙරිකානු නගරයට පැමිණියා.

මේ ගෞරවය සංස්කෘතීන් අතර පාලමක් ලෙසින් පවතින තම පියාගේ උරුමය පිළිබිඹු කරන බව බෲස් ලී පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ලීගේ දියණිය ෂැනන් ලී (Shannon Lee) ප්‍රකාශ කරනවා.

AsBpdEmp

“ඔහුගේ දර්ශනයෙන් විශ්වාසය හා හැකියාව සොයාගත් තරුණ ජනතාවගේ සිට චිත්‍රපට තිරයෙන් තමන්ව අවසානයේදී නියෝජනය වනු දුටූ පවුල් සහ විනය හා අභ්‍යන්තර ශක්තිය පිළිබඳ ඔහුගේ ඉගැන්වීම්වලින් තවමත් ප්‍රයෝජනයක් ගන්නා ක්‍රීඩකයින් දක්වා ඔහුගේ විහිදුම ගැඹුරුයි” ඇය නිවේදනයකින් කියා සිටිනවා.

බෲස් ලී “කැලිෆෝනියාවේ හොඳම දේවල සංකේතාත්මක මූර්තිය” ලෙසින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය නියෝජනය කරන රාජ්‍ය සභා සාමාජික මැට් හේනී (Matt Haney) හඳුන්වනවා.

“ආසියානු අමෙරිකානුවන් සිනමා තිරයේ බොහෝ විට දක්නට නොලැබුණු වකවානුවක, තමන්ගේ ශක්තිය හා අභිමානයෙන් තමන් නියෝජනය වනු දකින්නට පරම්පරා ගණනාවකට බෲස් ලී උපකාර කළා” යනුවෙන් ඔහු කියා සිටියා.

 

19431461 070126 kgo bruce lee img
සංස්කෘතික ප්‍රදර්ශන, මහජන ඉසව් හා පන්ති කාමර පාඩම් ඇතුළු ස්වේච්ඡා ක්‍රියාකාරකම්වලින් සෑම වසරකම බෲස් ලී සමරනු ඇතැයි බෲස් ලී පදනම හා ආසියානු-අමෙරිකානු කණ්ඩායම් අපේක්ෂා කරනවා.

ඔපෙරාවක් සමග අමෙරිකාවේ සංචාරය කරමින් සිටි චීන මව්පියන්ට දාව උපත ලැබූ ලී ට අමෙරිකාවේ උපන් අයිතියේ පුරවැසිභාවය තිබෙනවා. ළදරුවකුව සිටියදී හොංකොං දේශයට ගොස් ළමා නළුවෙකු බවට පත්ව චීන කුංග් ෆූ සටන් ශිල්පය හැදෑරූ ඔහු ඉන්පසු 1959 වසරේදී යළි අමෙරිකාව ට පැමිණියා.

ඔහු 1961 වසරේදී සිඇටල් නගරයේ වොෂිංටන් සරසවියට ඇතුළත් වූවත්, සටන් කලා ඉගැන්වීම පිණිස එයින් ඉවත් වුණා.

1960 ගණන්වල බෲස් ලී විශේෂයෙන් Kato ලෙසින් The Green Hornet නමැති රූපවාහිනී චිත්‍රපට මාලාවේ පෙනී සිටිය ද චිත්‍රාගාර ඔහුව ජාතිවාදී චරිතවල යොදවමින් සුදු ජාතික නළුවන්ට වඩා අඩුවෙන් මුදල් ගෙවූ බව ඔහු පවසා තිබුණා.

 

Enter The Dragon Bruce Lee Chinese New Year Resonate
නැවත හොංකොං පැමිණි ලී The Big Boss හා Fist of Fury ඇතුළු සටන් කලා චිත්‍රපටවල රඟපෑවා.

වේදනා නාශක බෙහෙත්වල අසාත්මිකතා ප්‍රතිචාරයකින් පසුව බෲස් ලී 32 වැනි වියේ සිටියදී ඛේදජනක අයුරින් 1973 වසරේදී මිය ගියා.
ඔහුගේ නාමය සහ රූපය ලොව පුරා තවමත් ජනප්‍රියව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්