leader s

ආජන්ටිනා නායක ලියනල් මෙසීගේ ගෝල් ලබා ගැනීම දිගටම සිදුවෙමින් 20 වැනි ලෝක කුසලාන ගෝලයත් දැන් වාර්තා වී තිබෙන්නේ

ඔහුව ‘රන් සපත්තුව’ (Golden Boot) සම්මානය සඳහා වන සටනේ පෙරමුණට ගෙන එමින්.

කේප් වර්ඩ් සමග පැවති තරගයේ 29 වැනි මිනිත්තුවේ මෙසී ලබා ගත් ගෝලය ඔහුගේ ලෝක කුසලාන පාපන්දු දිවියේ 20 වැනි ගෝලය වූ අතර ඒ සමග ඔහු ඔහුගේ වාර්තාව දීර්ඝ කර ගනිමින් ලෝක කුසලානයේ එදා මෙදා තුර වැඩිම ගෝල්ලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ ට වඩා ගෝල් දෙකකින් ඉදිරියට පැමිණ සිටිනවා.

යෝධ ‘දුර්වලයෙක්’ හමුවේ තරගයේ අතිරේක කාලයේදී ගෝල් 3-2ක ජයකින් ආජන්ටිනාව ගැලවුනු ආවේගී රාත්‍රියක වාර්තා වූ ආරම්භක ගෝලය එය වුනා.

ආජන්ටිනාව 2022 ලෝක කුසලානය දිනා ගත් අවස්ථාව දක්වා ආපසු දිවෙන ගමනක මෙසී ට දැන් ගෝල් ලබා ගත් වාර්තාගත පිට පිට ‌ලෝක කුසලාන තරග අටක් තිබෙන්නේ ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ තරග අටකදී නොකඩවා ගෝල් ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට ඔහුව පත් කරමින්. මීට අමතරව මෙසී ඔහුගේ රටේ පාපන්දු විජ්ජාකාරයා වන ඩිඒගෝ මැරඩෝනාගේ ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල් ලබා ගැනීමේ වැඩිම උපකාරයේ වාර්තාව ද අභිභවා ගොස් සිටිනවා. සටන්කාමී කේප් වර්ඩ් සමග පැවති තරගයේදී මෙසී තරගාවලියේ ගෝල් සහායවීම් නවයක එකතුවක් සටහන් කළ අතර මැරඩෝනා වාර්තා කර තිබුණේ එදා මෙදා තුර වැඩිම සංඛ්‍යාව වූ සහායවීම් අටක්.

2026 ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා මෙසී ගෝල් හතක් ලබා ගෙන මෙවර තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා ලෙසින් ‘රන් සපත්තුව’ සඳහා වන සටනේ ම්බප්පේ ට වඩා එක ගෝලයක් ඉදිරියෙන් සිටිනවා. මීට අමතරව, මෙසී ඔහුගේ අඛණ්ඩ ගෝල් ලබා ගැනීමේ තරග අටක ලෝක කුසලාන ක්‍රීඩාව තුළ දොළොස් වතාවක් ගෝල් ලබා ගෙන තිබෙනවා. කේප් වර්ඩ් ට එරෙහිව මෙසී අද ලබා ගත්තේ 124 වැනි ජාත්‍යන්තර ගෝලය යි. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ගෝල් 146ක් ලබා ගෙන සිටින ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පමණයි.

මෙසීගේ ගෝලයෙන් පසුව කේප් වර්ඩ් ද ගෝල් ලබා ගනිමින් තරගය 1-1ක් සහ 2-2ක තත්ත්වයට ගෙන ඒමෙන් පසුව මෙසී අවසානයේදී ජයග්‍රාහී ගෝලය නිර්මාණය කළා. මෙසීගෙන් එල්ල වූ පහර කිහිපයක්ම කේප් වර්ඩ් ගෝල් රකින වෝසිංයා විසින් වැළැක්වීම හේතුවෙන් තරගය අතිරේක කාලය දක්වා දීර්ඝ වූ අතර එම කාලයේ දෙවැනි භාගය මැදදී පිටිය මුල්ලේ සිට මෙසී එල්ල කළ පහරින් (corner kick) පන්දුව ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ හිස් මත බවුන්ස් වී දැල තුළට ගියා. කේප් වර්ඩ් දෙවතාවක්ම පිටුපසින් සිට නැවත තරගයට අවතීර්ණ වෙමින් ආජන්ටිනාව බිය ගැන්වූව ද, අවසානයේදී ඔවුන්ගේ ම ගෝලයකින් (own goal) ඔවුන් පරාජයට පත්වුණා.

රන් සපත්තුවේ තරගය තරගාවලිය අවසානය දක්වා ම පැවතීමට ඉඩ තිබෙන්නේ ඒ සඳහා පෙරමුණේ සිටින තරගකරුවන් තිදෙනාම දැන් ආරක්ෂිතව ‘කණ්ඩායම් 16’ වටයට පිවිස සිටින බැවින්.

ඒ තරගයේ සිටින අනෙක් තරගකරුවන් දෙදෙනාට වඩා මෙසී හා ම්බප්පේ බොහෝ ඉදිරියෙන් සිටිනවා. නෝවේ කණ්ඩායමේ අර්ලිං හාලන්ඩ් සහ එංගලන්තයේ හැරී කේන් අද වන විට ගෝල් පහ බැගින් හිමි කරගෙන සිටින අතර ක්‍රීඩකයින් තිදෙනෙක් - ප්‍රංශයේ උස්මන් ඩෙම්බෙලේ, ස්පාඤ්ඤයේ මිකෙල් ඔයර්සබාල් සහ එංගලන්තයේ විනීසියස් ජූනියර් ගෝල් හතර බැගින් ලබා ගෙන සිටිනවා. සෙනෙගාලයේ ඉස්මයිලා සා ද ගෝල් හතරක් ලබා ගෙන තිබුණත් ඔහුගේ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවූ බැවින් සා දැන් රන් සපත්තුව සටනේ නැහැ.

නෝවේ, එංගලන්තය හා ප්‍රංශය කණ්ඩායම් 16 දෙනාගේ වටයට ඇතුළු වී සිටිනවා. ආජන්ටිනාව හා මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා ලෙසින් බොහෝ දෙනා විසින් සලකනු ලබන මෙසී ද එම වටයට පිවිස සිටිනවා.

මෙසී කවරවිටකවත් ‘රන් සපත්තුව’ දිනා ගෙන නැහැ. 2002 ලෝක කුසලාන කිරුළ කරා ආජන්ටිනාව මෙහෙයවද්දී ඔහු ගෝල් හතක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්වුනේ ම්බප්පේ ට වඩා එක ගෝලයක් පිටුපසින් සිටිමින්. 2014 තරගාවලියේදී මෙසී ගෝල් හතරක් ලබා ගෙන සම-තෙවැනි ස්ථානයට පත්වුණා.

තරගාවලිය අවසන් වන විට ගෝල් ලැයිස්තුව මුදුනෙහි සම තත්ත්වයක් තිබුනහොත් ‘රන් සපත්තුව’ ජයග්‍රාහකයා තෝරා ගැනීමේ පළමු ක්‍රමය ලෙස ගෝල් ලබා ගැනීමට සහාය වූ ක්‍රීඩකයින් වෙත ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය යොමු වනවා. දෙවැනි ක්‍රමය වනු ඇත්තේ ක්‍රීඩකයින් ක්‍රීඩා කළ අඩුම මිනිත්තු ප්‍රමාණය. අද වන විට ම්බප්පේ ගෝල් ලබා ගැනීමට උපකාරී වූවන්ගේ ලැයිස්තුවේ මෙසී ට වඩා 2-0කින් ඉදිරියෙන් සිටිනවා.

නමුත් දැනට, ගෝල් තරගයේ පෙරමුණේ සිටින්නේ මෙසී. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඔහු තවත් ලෝක කුසලාන කිරුළක් දිනා ගැනීම සඳහා වන සටනේ තවමත් රැඳී සිටීමයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

  

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්