මෙක්සිකෝව සමග ලෝක කුසලාන පාපන්දු ‘16 දෙනාගේ වටය’ තරගයට පෙර ‘ව්‍යාඝ්‍රා’ භාවිතා කිරීමට හැරී කේන්ගේ නායකත්වයෙන් යුත්
එංගලන්ත කණ්ඩායමට අවසර ලබා දී තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ සම-සත්කාරක රටක් වන මෙක්සිකෝව ට එරෙහිව ජූලි 6 වැනි සඳුදා තරගය පැවැත්වෙන මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදී අපේක්ෂා කෙරෙන සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි තෙහෙට්ටුවට ඔරොත්තු දීම පිණිසයි එංගලන්ත ක්‍රීඩකයින්ට ‘ව්‍යාඝ්‍රා’ පාවිච්චි කිරීමට අවසර ලබා දී තිබෙන්නේ. මේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයින් අධික වෙහෙසට පත්වන්නේ එය මුහුදු මට්ටමෙන් උස් ප්‍රමාණයක පිහිටා ඇති බැවින්.
මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ‘ව්‍යාඝ්‍රා’ නමැති උද්දාමක ශරීර උත්තේජකය භාවිතා කිරීමේ විකල්පය එංගලන්ත ක්‍රීඩකයින්ට තිබෙන බවට වාර්තා වනවා.
මෙක්සිකෝ නගරය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 7,350ක් පමණ උසින්. ඇස්ටෙකා ක්‍රීඩාංගණය මෙක්සිකෝ පාපන්දු කණ්ඩායම පවා නිතර භාවිතා කරන්නේ නැතත්, මේ කණ්ඩායම් දෙක ඔවුන්ගේ ’16 දෙනාගේ’ තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ මේ ක්‍රීඩාංගණයේ.
මෙක්සිකෝ කණ්ඩායම මේ තරගාවලියේදී ඉතා උසස් ක්‍රීඩා තත්ත්වයක සිටිමින් මේ දක්වා සහභාගි වූ තරග හතර ම ජයගෙන තිබියදී ඇස්ටෙකා තරග බිමේදී ඔවුන් පරාජය කිරීම තවත් අසීරු වනවා. සත්කාරක කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කර තිබෙන තරග 89න් පරාජය වී ඇත්තේ තරග 2ක් පමණක් වන අතර ඔවුන්ගේ අවසාන පරාජය සටහන් වී තිබෙන්නේ 2013 වසරේ. එංගලන්තය සතුව සුපිරි තරු හා මෙක්සිකෝව පරාජය කිරීමේ හැකියාව ඇති උපායමාර්ග තිබුන ද, පාපන්දු-නොවන හේතුන් තරගයේ ඉරණම තීරණය කරන සාධකය බවට පත්වනවා දකින්නට ඔවුන්ට අවශ්‍ය නැහැ.
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවට එරෙහි ‘32 වටයේ’තරගයේදී පවා එංගලන්තයට ජයග්‍රහණයක් අත්කර ගැනීම සඳහා නායක හැරී කේන්ගෙන් අවසන් මිනිත්තු 15දී ගෝල් දෙකක් අවශ්‍ය වුණා. මේ ලෝක කුසලානයේ මෙතෙක් ප්‍රදර්ශනය වී තිබෙන පෙරළිකාර සිදුවීම් සැලකිල්ලට ගත් විට එංගලන්තය ට මේ තරගය ජය ගැනීමට නම් සෑම සහයෝගයක්ම ලබා ගැනීම අවශ්‍ය වනවා.
වයාඝ්‍රා - Viagra (sildenafil) - භාවිතය ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය (WADA) විසින් තහනම් කර නැහැ. එය තරගවලට සහභාගි වීමේදී හා ඊට පෙර ද පාවිච්චි කිරීම සඳහා ක්‍රීඩකයින්ට සම්පූර්ණ අවසරය තිබෙනවා.
මේ අතර, මෙක්සිකෝව හා එංගලන්තය අතර තරගය කලින් සැලසුම් කර තිබූ පරිදිම සඳුදා බ්‍රිතාන්‍ය ග්‍රීෂ්ම සෘතුව වේලාවෙන් (BST) පෙරවරු 01:00 ට (ඉන්දියා වේලාවෙන් පෙරවරු 5.30) ආරම්භ වීමට නියමිතයි.
වර්ෂාව හා විදුලි කෙටීමේ අනාවැකි හේතුවෙන් මේ තරගය BST වේලාවෙන් ඉරිදා පස්වරු 7.00 දක්වා වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එංගලන්ත හා මෙක්සිකෝ පාපන්දු සම්මේලන සමග සිකුරාදා සාකච්ඡා කළා. නමුත් අවසානයේදී තරගය කලින් නියම කර තිබූ වේලාව ට ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
කැනඩාව හා මොරොක්කෝව අතර අද (4) රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘16 දෙනාගේ වටය’ ආරම්භ වන අතර හෙට අළුයම පැරගුවේ කණ්ඩායම ප්‍රංශය සමග තරග වදිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







