The Leader News
BREAKING
ඊශ්‍රායල ලීග් පාපන්දුවේ ක්‍රමානුකූල වංචාවක්: නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවේ!●මෙසීගේ උරුමයට උද්භිද විද්‍යාත්මක ගෞරවයක්!●මාලක දේවප්‍රිය: කලාත්මක සිනමාව ජාතියක ආත්මීය ආයෝජනයක්●සම්ප්‍රදාය අභිභවන ස්වභාවයක පිහිටි ''අඩි පහයි අඟල් නෑ''●භික්ෂු ඉල්ලීමට ජනපති සමාව දිය හැකි ද? | සුනිල් කන්නන්ගර●කෙට්ටු වීමේ උන්මාදය සහ එල්ලා වැටෙන සමේ අර්බුදය●භික්ෂු විරෝධය හමුවේ ජාතික ව්‍යාපාරයේ අනාගතය |ගෙවිඳු කුමාරතුංග●ඩීසල් බලාගාරවලින් ගැලවෙන බලශක්ති ප්‍රතිසංස්කරණ මඟ●කොළඹට බැවේරියානු රස රැගෙන එන ඔක්ටෝබර්ෆෙස්ට් සැණකෙළිය●විදේශිකයින්ට බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා මාර්ග අවහිර වෙයි●
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායල ලීග් පාපන්දුවේ ක්‍රමානුකූල වංචාවක්: නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවේ!

Awara

Awara

October 19, 2026 • 4:37 PM

ඊශ්‍රායල ලීග් පාපන්දුවේ ක්‍රමානුකූල වංචාවක්: නිලධාරීන් සිවු දෙනෙක් අත්අඩංගුවේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක නිලධාරීන් සිවු දෙනෙක් සාපරාධි වංචාව හා දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
  • නිලධාරීන්ගේ දේපළ රජයේ භාරයට මේ සැකකරුවන් ඊශ්‍රායල ප්‍රිමියර් ලීගයේ දැනට අන්තිම 14 වැනි ස්ථානයේ පසුවන Ironi Tiberias පාපන්දු සමාජයේ වර්තමාන හා හිටපු නිලධාරීන් බව යුදෙව් මාධ්‍ය වාර්තා කරනවා.
  • පරීක්ෂණයේ කොටසක් ලෙස ඉඩම්කඩම් දේපළ හා සුඛෝපභෝගී කාර් නීති බලධාරීන්ගේ භාරයට ගෙන තිබෙන අතර අපරාධවල ප්‍රමාණය ෂෙකල් (ඊශ්‍රායලයේ මුදල් ඒකකය) මිලියන දහස් ගණනක් බව පැවසෙනවා.
  • මේ අත්අඩංගුවට ගැනීම් හා දේපළ රජයේ භාරයට ගැනීම් සිදුවන්නේ ඊශ්‍රායල පාපන්දු සංගමයේ සහයෝගය ඇතිව මාසයක කාලයක් තිස්සේ කෙරුණු රහස් පරීක්ෂණයකින් පසුව බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායල ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක නිලධාරීන් සිවු දෙනෙක් සාපරාධි වංචාව හා දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක්‍රමානුකූලව ව්‍යාජ ලියවිලි සකස් කිරීම, මුදල් විශුද්ධිකරණය, වංචාව හා ක්‍රීඩා වාර හතරක ක්‍රීඩකයින්ගේ වැටුප් බදු බලධාරීන්ට වාර්තා කිරීමට අසමත් වීම පිළිබඳව මේ සිවු දෙනා සැක කෙරෙනවා.

නිලධාරීන්ගේ දේපළ රජයේ භාරයට

මේ සැකකරුවන් ඊශ්‍රායල ප්‍රිමියර් ලීගයේ දැනට අන්තිම 14 වැනි ස්ථානයේ පසුවන Ironi Tiberias පාපන්දු සමාජයේ වර්තමාන හා හිටපු නිලධාරීන් බව යුදෙව් මාධ්‍ය වාර්තා කරනවා.

පරීක්ෂණයේ කොටසක් ලෙස ඉඩම්කඩම් දේපළ හා සුඛෝපභෝගී කාර් නීති බලධාරීන්ගේ භාරයට ගෙන තිබෙන අතර අපරාධවල ප්‍රමාණය ෂෙකල් (ඊශ්‍රායලයේ මුදල් ඒකකය) මිලියන දහස් ගණනක් බව පැවසෙනවා.

මේ අත්අඩංගුවට ගැනීම් හා දේපළ රජයේ භාරයට ගැනීම් සිදුවන්නේ ඊශ්‍රායල පාපන්දු සංගමයේ සහයෝගය ඇතිව මාසයක කාලයක් තිස්සේ කෙරුණු රහස් පරීක්ෂණයකින් පසුව බව වාර්තා වනවා.

ආර්ථික අපරාධ මැඩලීමේ ජාතික ඒකකයේ පරීක්ෂණ යටතේ ප්‍රශ්න කිරීම් සඳහා මේ පාපන්දු කණ්ඩායමේ වත්මන් හා හිටපු ක්‍රීඩකයින් දුසිම් ගණනින් ඉදිරි දිනවලදී කැඳවනු ඇතැයි ඊශ්‍රායල පොලිසිය ප්‍රකාශ කරනවා.

ඊශ්‍රායල පාපන්දු අපකීර්තිමත්ම සිදුවීමක්


මෙය මෑත වසරවල ඊශ්‍රායල පාපන්දු ලෝකය කැළඹූ අපකීර්තිමත් සිදුවීම් මාලාවක අලුත්ම සිද්ධිය වනවා.


පසුගිය මාසයේදී, ඔට්ටු ඇල්ලීමේ මෙහෙයුමකින් මුදල් උපයා ගැනීම පිණිස තරග පාවාදීමේ සැලැස්මක් පිටුපස සිටියේ යැයි සැකපිට හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවක් අත්අඩංගුවට ගැණුනා.

උතුරු ඊශ්‍රායලයේ අපරාධ කල්ලියක් සමග තිබෙනවා යැයි කියන සිය සම්බන්ධකම් මත ඔට්ටු ඇල්ලීම, තරග පාවාදීම හා අනෙකුත් මූල්‍යමය අපරාධ සිදු කිරීමේ සැකපිට වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ජූනි මාසයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙළවරක් නැති තරඟ පාවාදීම්

ජනවාරි මාසයේ සිදුකළ තරග පාවාදීම හා මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකදී, ඊශ්‍රායල දෙවැනි ස්තර ලීගයේ ක්‍රීඩා කරන Kiryat Yam පාපන්දු සමාජය සමග සම්බන්ධ පුද්ගලයින් 17 දෙනෙක් අත්අඩංගුවට ගැණුනා.

පසුගිය ක්‍රීඩා වාරයේ ඇතිවූ තරග පාවාදීමේ මහා අපකීර්තියක් හේතුවෙන් ලීග් ‘ඒ’ උතුර (League A North) තරගාවලිය විසුරුවා හැරීමේදී Kiryat Yam පාපන්දු සමාජය ජාතික ලීගයට උසස් කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ වුණේ 2023-2024 තරග වාරය අතරතුර ලීග් ‘ඒ’ උතුර තරගාවලියේ තරග 13ක් පාවාදුන් බවට Umm al-Fahm නමැති යොවුන් කණ්ඩායමේ අධ්‍යක්ෂ Fadi Mahamid පිළිගැනීමෙන් පසුවයි.

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...