ශ්‍රී ලාංකීය රාජ දේශපාලනය මහා දැක්මෙන් මිදී ප්‍රාදේශීයවාදී අස්ථානයන් වෙත විතැන් විය. එය ආරම්භ වුයේ පොළොන්නරු රාජධානිය ඇද වැටීමෙන් පසුවය.
මධ්‍යතන අනුරාධපුර සමයෙත් දාර්ශනික අර්ථය මත පදනම් වු රාෂ්ඨ පාලනය පසුව ප්‍රාදේශීයවාදී වන්නට විය. මෙම ප්‍රාදේශීයවාදය තීව්‍රර වූයේ “උඩරට කාරිය” නම් ඓතිහාසික කියවීම නිසාවෙනි. සයවන පරාක්‍රමබාහුගේ රාජපද ප්‍රාප්තිය (ක්‍රි.ව. 1412) සමඟ උඩරට “ස්වීය අන්‍යතාවය” සම්බන්ධිත භාව දර්ශන වාදයක් මතු විය.
සයවැනි පැරකුම් යුගය සැබැවින්ම සිංහල ඉතිහාසයේ අවසාන කීර්තිමත් රාජ්‍ය සමය විය. එය යුද්ධය සහ සාමය සම්බන්ධව විශිෂ්ට සිද්ධි කැටි වු අර්ථ සුඛයෙන් හා සාහිත්‍ය පුනරුදයෙන් අනුන යුගයක් ද විය. සිරිලක අවසාන ඒකඡත්‍ර රාජ යුගය ලෙස සයවන පරාක්‍රමබාහු යුගය සම්මානිත ය. ඒ සමයෙහි උඩරටින් “ප්‍රාදේශීය වාදයක්” පැන නැගීම මවිතයකි. කෙසේ නමුත් මෙම “භාව ප්‍රාදේශියවාදී දර්ශනය” සුත්‍ර ගත කරනුයේ “ජෝතිය” විසිනි. ජෝතිය සිටුවරයා සයවන පැරකුම් රජ දවස මෙරට සිටි ප්‍රබල ධනපතියෙකු මෙන්ම උඩරට සම්බන්ධ රාජ දූතයා ද විය.
ඒ අනුව ජෝතිය විසින් සුත්‍ර ගත කරන ලද “උඩරට කාරිය” ලියවිල්ල උඩරැටියන් තුළින් තුමු වෙනම දේශයක් යැයි හැඟීම් ජනනය කළහ. ස්වාධිපත්‍ය පතා උඩරටීන් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ විය. ඒ සඳහා ජෝතියගේ “උඩරට කාරිය” ලියවිල්ලේ සඳහන් කරුණු බෙහෙවින් බලපෑවේය.
උඩරැටියන් තුළ ස්වාධීන හැඟීම් ජනනයෙන් නතර නොවු ජෝතිය, ඒ සඳහා සිවිල් ජනතාව පෙළ ගැස්වුහ. අනතුරුව ජෝතිය ඒ වෙනුවෙන් යුධ දේශපාලනයක නිරත වුයේය. එහි ප්‍රතිඵලය වුයේ අනුහසින් අනුන්තර සයවැනි පැරකුම්බාගේ ජයවර්ධනපුර රාජධානියෙන් මිදී උඩරට ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමය.
ඒවන විට සයවන පරාක්‍රමබාහු රජු අති ප්‍රබල ආර්ය චක්‍රවර්තිගේ ද්‍රවිඩ බලය පරදවා තිබිණි. එමෙන්ම දක්‍ෂිණ භාරතීය ආධිපත්‍යයට නොබියව මුහුණ දුන් යුධ වික්‍රමයෙකි. පද්‍යමය කෝෂ ග්‍රන්ථයක කතුවරයා ලෙස රජ විද්වත් ලක්‍ෂණ ප්‍රකට කළ රජෙකි. එපමණක් නොව ඔහු එකළ ජාත්‍යන්තර යුධ ආර්ථික මර්මස්ථානයක් වු දකුණු ඉන්දීය අතිවීරරාම (ආද්‍රීයම්පෙට්) වරායට පහරදී තම පාලනයට නතු කරගෙන තිබුණි.
ඒ සා බලසම්පන්න මොහොතක ජෝතියගේ උඩරට නැගිටීමට හේතුව කුමක්ද? උඩරට ජනතාව ජෝතියගේ යුධ දේශපාලනය හා එක් විමේ හේතුව කුමක් වනු ඇතිද? විශේෂයෙන්ම ජෝතියගේ උඩරට කාරිය ශ්‍රී ජයවර්ධනපුරය වෙත එල්ල කළ ස්වෛරී අරගලය ප්‍රබලය. එය සුවිශේෂි වුයේ
උඩරැටියන් ඒ හා ඒකාත්මීකව අරගල කීරිමෙනි.
අතිශයින් කිර්තිධර සහ මැදහත් නරේෂ්වරයෙකු වු සයවැනි පරාක්‍රමබාහු රාජ්‍ය පදවිය සමයේම මෙම නැඟිටිමට හේතුව විමසිය යුත්තකි. කෙසේ නමුදු ප්‍රබල බලසම්පන්න ජෝතියගේ උඩරට අරගලය සවැනි පැරකුම්බා පරාජය කර දැමුවේ ය. නමුත් ජෝතිය විසින් වගා කළ “උඩරට කාරිය” ඉන්පසු හෘද සංවාදයක්ව උඩරට පුරාම පැතිරුණි.
ජෝතියගේ පියවර කෙතරම් ශක්තිමත් ආරම්භයක් වුයේදත් ඔහුගේ ව්‍යායාමයෙන් තිස්වසකට පසු එය යථාර්ථයක් බවට පත් විය. ජෝතිය ආරම්භ කළ උඩරට ස්වාධිපත්‍යහි පදනම “සේනාසම්මත වික්‍රමබාහු” සාක්‍ෂාත් කරගත්තේය. මේ සම්බන්ධිත අපුර්ව සවිස්තරය “දැදිගම සෙල් ලිපියේ” සනිටුහන් කර ඇත. දැදිගම සෙල්ලිපිකරු මෙම ව්‍යායාමයට දී ඇති නාමය “උඩරට කාරිය” යන්නයි.කෙසේ නමුත් කෝට්ටේ රාජධානිය ඇද වැටීමෙන් පසු උඩරට කරා සිංහල රාජධානිය සංක්‍රමණය විය. ජයවර්ධනපුරට සිතාවකට සහ රයිගම්පුරයට පැවැතිය නොහැකි ලෙස උඩරට කාරිය බලසම්පන්න වුයේය. සීතාවක සහ රයිගමට ජයවර්ධනපුරයට අනුප්‍රාප්තිකව රාජධානිය විමේ අවකාශය බිඳ උඩරට ස්ථානගත විය. ඒකී කෞෂල්‍යයෙහි ගාමක නිමිත්ත වූයේ ජෝතියගේ උඩරට කාරිය ය. ජෝතිය සිටුවරයා විසින් උද්දීප්ත කළ උඩරට ස්වෛරිත්වයෙ හි බලසම්පන්න භාවය ඒ තුළින් පැහැදිලි ය.
එලෙසම කෝට්ටේ, රයිගම සහ සිතාවකට ද මුහුණ දීම තුළින් උඩරට තනාගත් වෙසෙස් යුධ කලාවක් ද ඒ සමඟ සබැඳි දේශපාලන කලාවක් ද වුහ. පසුව පෘතුග්‍රීසි ලන්දේසි සහ ඉංග්‍රීසි තුන් ජාතින්ට අභීතව මුහුණ දිමේදි උඩරටට මෙම පුර්ව සටන් සම්ප්‍රදාය මහෝපකාරි විය. මහා සිංහලය වඩා චූල මුලයකට කොටු වුව ද, උක්ත කරුණ නිසා ජෝතියගේ උඩරට කාරියට ශ්‍රී ලාංකික ඉතිහාසයේ සාධනීය භූමිකාවක් හිමිය.
උඩරට කාරිය බලසම්පන්න වීමත් සමඟ තවත් වෙසෙස් වෙනසක් සිදු විය. ඒ නම් පියාගෙන් පුත්‍රයාට ලෙස ද, අයියාගෙන් මල්ලිට ලෙස ද, සංකේන්ද්‍රණය වු සිංහල රජ සිරිත මව් පාර්ශවය හරහා හිමිවීම ආරම්භ විම ය. උඩරට කාරිය ස්ථාපිත කළ උඩරට රාජධානිය සිංහල සිරිත සිරිමත් කළේය. විමලධර්මසූරිය, සෙනරත්, දෙවන රාජසිංහ යන උඩරට පුත්‍රයන් උඩරට කාරිය පෙරළා මහා දැක්මක් බවට පත් කරගත්හ.
ප්‍රාදේශීයවාදීත්වය භාව දර්ශනයක් වුව ද, ජාතියක දේශප්‍රේමීත්වය කුළු ගැන්වීමේදී එම භූමිකාවට උඩරට කාරිය හේතු විය. මහා දැක්මක ලකුණු විද්‍යමාන කලේය.
උඩරට කාරිය දෙස විමසුම් යොමුවිමේ දී පෙනෙන සුවිශේෂය නම් ඉංග්‍රීසින්ගේ ආගමනයෙන් පසුව ද ජෝතියගේ අදහස් නිමා නොවු බවය. ශ්‍රීමත් ජෝන් ඩොයිලි උඩරට රාජධානියෙහි අක් මුල් වටහා ගැනීමේදි ජෝතිය මනාව වටහා ගත් බවට ඔහුගේ ලේඛන පිරික්සිමේ දී අවබෝධ වේ.
කෙසේ නමුත් ක්‍රි.ව. 1416 දී පමණ ජෝතිය සිටුවරයා උඩරැටින්ගේ භාවයන් සංතර්පණය කරමින් පැතිර වු මතවාදය ඉන් සියවස් පහකට ද පසුව දේශපාලනිකව සංවිධානගත වුහ.
ඉංග්‍රීසි පත් කළ ඩොනමෝර් කොමිසමට යළි ජෝතිය සිතුවිල්ල ප්‍රවේශ වුයේය. උඩරට මහජන සභාවේ නියෝජිතයන් වු ඒ. මුනමලේ මහතා සහ ටී. පානබොක්කේ මහත්වරුන් උඩරැටියන් වෙනම ජාතියක් බැවින් ස්වෛරි රාජ්‍යයක් ලබාදෙන ලෙස ඩොනමෝර් කොමිසම හමුවේ ඉල්ලා සිටියහ. එය යථාර්තතයක් නොවුන ද එම සිතුවිල්ල නුතනයට සංඥා කළේ ජෝතියගේ අතීත සෙවැනැල්ලය.
කෙසේ වු නමුත් අග නගරයෙන් අගනගරයට වැඩම කිරීම දළඳා වහන්සේගේ සම්ප්‍රදායය. අගනගරය මහනුවරින් කොළඹට ද, කොළඹින් ශ්‍රී ජයවර්ධනපුරයට ගමන් කළ ද දළඳා වහන්සේ මහනුවරම වඩමවා තබා ගන්නට උඩරැටියන් සමත් වුයේය. මේ මහත් වු හපන් කම පවා ජෝතියගේ උඩරට කාරියෙහි නුතන සවියය. එබැවින් සිංහල සිරිතෙහි අවසාන අයිතිකරුවා බවට උඩරට පත්ව ඇත.
සැබැවින්ම මේ සියල්ල විෂයෙහි න්‍යෂ්ඨිය ජෝතියගේ ඓතිහාසික කියවීම වු “උඩරට කාරියය”. එය සැබෑවක් නමුත්, සවැනි පරාක්‍රමබාහු රජ දවස “උඩරට කාරිය” බිහි විමෙහි හේතු නිමිත්ත කුමක් වනු ඇතිද? මෙය ඉතිහාස නිරික්‍ෂණාගාරයේ දී පරික්‍ෂා කළ යුතු තවත් නිමිත්තකි.
(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වායාම පසුගිය ලිපි 36 මෙතනින්