leader s

 මෙරට ව්‍යවසායකයින් නගාසිටුවීමට වසර 2026 අයවැයෙන් රජය වෙන්කල රුපියල් බිලියන 95ක දැවැන්ත මුදලින් මේවන විට සියයට හතලිහක

ප්‍රමාණයක් ප්‍රතිලාභීන්ට ලබාදී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

මේ වසරේ මුල් මාස හතර නිමාවීමට පෙර සියයට හතලිහක් ඉක්මවූ ප්‍රතිශතයකින් ණය පහසුකම් ව්‍යවසායකයින් ලබාගෙන තිබෙන තත්ත්වයක් හමුවේ, ඉදිරි මාස අටක කාලය අවසන්වීමට ප්‍රථම මේ වසර සදහා වෙන් කළ මුළු මුදලම ප්‍රතිලාභීන් විසින් ලබා ගනු ඇතැයි හෙට්ටිආරච්චි විශ්වාසය පළ කළේය.

මේ ආකාරයට මුල්‍ය පහසුකම් ලබාදෙමින් ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙලේ මුල් මාස හතරේ ප්‍රගතිය ලබන 10  සවස මුදල් අමාත්‍යංශයේදී සියලු බැංකු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සමාලෝචනය කිරීමක් සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

 ශ්‍රී ලංකාවේ සමස්ත ව්‍යවසායන්ගෙන් තුනෙන් දෙකක්ම නියෝජනය කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ සේවා නියුක්තියෙන් අඩකට වඩා වැඩි දායකත්වයක් ලබා දෙයි.


 එහෙත්, මෙම ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන්නේ තම ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඇප සුරැකුම් ඉදිරිපත් කිරීමට නොහැකි වීමයි. මෙම අභියෝග ජය ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 95,686ක (බිලියන 95කට අධික) දැවැන්ත මූල්‍ය සහන වැඩපිළිවෙළක් 2026 වසර සඳහා ක්‍රියාත්මක කර ඇත.


බොහෝ ව්‍යවසායකයින්ට බැංකු ණය ලබා ගැනීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම බාධකයට විසඳුමක් !


බොහෝ ව්‍යවසායකයින්ට බැංකු ණය ලබා ගැනීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම බාධකය වන ඇප සුරැකුම් සැපයීමේ ගැටලුවට විසඳුමක් ලෙස සී/ස ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කර ඇත. මෙම ආයතනය මඟින් සුරැකුම් ඉදිරිපත් කළ නොහැකි ව්‍යවසායකයින් වෙනුවෙන් ඇප ආවරණ ලබා දෙන අතර, 2026 වසරේදී රුපියල් මිලියන 7,000ක ඇප සුරැකුම් ලබා දීමට සැලසුම් කර තිබේ. එමඟින් රුපියල් මිලියන 10,000ක් පමණ වටිනා ණය පහසුකම් සඳහා ව්‍යවසායකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ.

2026 වසරේදී ව්‍යවසායකයින් වෙනුවෙන් වෙන් කර ඇති මුදල පෙර වසරට සාපේක්ෂව 65%ක පමණ ඉහළ යාමකි. මෙම වසරේදී "Re-MSME Plus" නමින් නව පුළුල් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ 5%ක අවම පොලී අනුපාතයකට උපරිම රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබා ගත හැක. කෘෂිකාර්මික, නිෂ්පාදන, සංචාරක සහ අපනයන වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් මේ යටතේ ආවරණය වේ.


 ආර්ථික පසුගාමීත්වය හේතුවෙන් ණය ගෙවා ගත නොහැකිව පීඩාවට පත් ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම 2025 මාර්තු 31 දක්වා අත්හිටුවා ඇත. මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට ඇතුළු වීමටත්, පොලී සහන ලබා ගැනීමටත් ව්‍යවසායකයින්ට අවස්ථාව සලසා දී ඇත.

 

 දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වූ ව්‍යවසායන් නගාසිටුවීමට රුපියල් මිලියන 10,000ක වටිනාකමකින් යුත් “විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය” ක්‍රියාත්මක වේ. වසර 3ක ආපසු ගෙවීමේ කාලයක් සහ 3%ක ඉතා අඩු පොලී අනුපාතයක් යටතේ මෙම ණය ලබා දෙන අතර, ඒ සඳහා මාස 6ක සහන කාලයක් ද හිමි වේ.

 
මෙම සහන ලබා ගැනීමට අපේක්ෂිත ව්‍යවසායකයින් පහත පියවර අනුගමනය කළ යුතුය

*  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනුයුක්ත කර ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, විදාතා හෝ ජාතික ව්‍යවසාය සංවර්ධන අංශයේ නිලධාරියකු ලවා ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදු කර මූලික නිර්දේශ ලිපිය ලබා ගැනීම.

*  එම නිර්දේශ ලිපිය සමඟ ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වැනි රාජ්‍ය බැංකුවකට හෝ කොමර්ෂල්, සම්පත්, හැටන් නැෂනල් වැනි පෞද්ගලික බැංකු ශාඛාවකට අයදුම්පත භාර දීම.

බැංකුව විසින් මාර්ගගත පද්ධතිය හරහා මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු ණය මුදල ලබා ගත හැක.

මෙම සියලු වැඩසටහන් පාරදෘශ්‍ය, ඩිජිටල් පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන බැවින් කිසිදු බාහිර බලපෑමකින් තොරව සුදුසුකම් සහිත ඕනෑම ව්‍යවසායකයෙකුට මෙම සහන ලබා ගැනීමට අවස්ථාව පවතී.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්