leader s

අන්තර්ජාල පාඨකයා සහ ප්‍රකාශකයා අතර විශ්වාසය තහවුරු කරන දේශීය තාක්ෂණික පදනමක් කරළියට


විදේශීය සමාජ මාධ්‍ය මත යැපීම අවම කරමින් ස්වාධීන ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ නව ආරම්භයක්



ශ්‍රී ලංකාවේ ඩිජිටල් පුවත්පත් කලාව සහ අන්තර්ජාල මාධ්‍ය ක්ෂේත්‍රය මෙතෙක් මුහුණ දුන් දැවැන්ත තාක්ෂණික අභියෝගයකට විසඳුම් සෙවීමේ අරමුණින්, මෙරටදීම නිර්මාණය කළ 'TruePass' ඩිජිටල් අනන්‍යතා සහ සත්‍යාපන (Digital Identity & Authentication) වේදිකාව නිල වශයෙන් එළිදක්වා තිබේ.  

විජය ප්‍රකාශන, හිරු, නිවුස්ෆස්ට්, අද දෙරණ, වීරකේසරී, ThePapare, ගොසිප් ලංකා ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ඩිජිටල් මාධ්‍ය ආයතන රැසක් එක්ව 'TruePass Media Alliance' නමින් සන්ධානයක් පිහිටුවා ගැනීම මෙහිදී කැපී පෙනෙන සුවිශේෂී සිදුවීමක් විය.

නොහඳුනන පාඨකයා වෙනුවට තහවුරු කළ පාඨක පදනමක්  

වර්තමාන ඩිජිටල් ලෝකයේ වෙබ් අඩවි වලට පිවිසෙන පාඨකයන්ගෙන් බහුතරය හඳුනා නොගත් (anonymous) අයයි. ඒ හේතුවෙන් පාඨකයා පිළිබඳ සෘජු අවබෝධයක් ලබාගැනීමට හෝ ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත අන්තර්ගතයන් ලබාදීමට මෙරට මාධ්‍ය ප්‍රකාශකයන්ට මෙතෙක් පැවතියේ සීමිත ඉඩකඩකි.  

'TruePass' වේදිකාව මඟින් පාඨකයෙකුට සිය ජංගම දුරකථන අංකය හෝ විද්‍යුත් තැපෑල (Email) හරහා තහවුරු කරගත් ගිණුමක් (Verified Profile) පහසුවෙන් සාදාගත හැකි අතර, එමඟින් සන්ධානයට සම්බන්ධ සියලුම පුවත් වෙබ් අඩවි වෙත වෙන වෙනම ලියාපදිංචි නොවී පහසුවෙන්ම පිවිසීමේ අවස්ථාව හිමිවේ.  

විදේශීය සමාගම්වලට ගලා යන දත්ත සහ ආදායම රට තුළ රඳවා ගැනීම

මෙම එළිදැක්වීම සඳහා විශේෂ දේශනයක් එක්කළ ජාත්‍යන්තර මාධ්‍ය විශේෂඥ ඩැනියෙල් හෙස් (Daniel Hess) පෙන්වා දුන්නේ, ලොව පුරා මාධ්‍ය ආයතන තමන්ගේම අන්තර්ගතයන් නිර්මාණය කළද, පාඨක දත්ත සහ ඒ ආශ්‍රිත වාණිජමය වටිනාකම් බොහෝ විට ගෝලීය සමාජ මාධ්‍ය සහ දැවැන්ත ටෙක් සමාගම් (Tech Giants) අතට පත්වන බවයි.

එබැවින් මාධ්‍ය ප්‍රකාශකයන් තම පාඨකයන් සමඟ සෘජු සබඳතාවක් (First-Party Relationship) ගොඩනගා ගැනීමත්, දත්ත පිළිබඳ පූර්ණ පාලනය තමන් සතුකර ගැනීමත් (Publisher Sovereignty) ඩිජිටල් මාධ්‍යයේ අනාගත පැවැත්මට තීරණාත්මක බව ඔහු අවධාරණය කළේය.

"තවත් එක් ලොගින් එකක් පමණක් නොවේ"


මෙම ව්‍යාපෘතියේ දැක්ම පැහැදිලි කරමින් TruePass සහ AdStudio.cloud ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන සඳහන් කළේ, මෙය හුදු 'Sign-in' වීමේ පහසුකමක් පමණක් නොවන බවයි.

"වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය ආයතන වටිනා අන්තර්ගතයන් හැදුවත්, ඒ හරහා නිර්මාණය වන වටිනාකම රැඳී තිබුණේ බාහිර ප්ලැට්ෆෝම් තුළයි. ඩිජිටල් මාධ්‍යයේ මීළඟ අදියර විය යුත්තේ මාධ්‍ය ආයතන තම පාඨකයන් සෘජුව හඳුනාගෙන, ඔවුන් සමඟ පවතින විශ්වාසනීය සබඳතාව තුළින්ම නව වටිනාකමක් ගොඩනැගීමයි. තාක්ෂණයකට තනිවම ක්ෂේත්‍රයක් වෙනස් කරන්න බැහැ; ඒකට සමස්ත පද්ධතියක්ම එක්විය යුතුයි."

තාක්ෂණික ව්‍යවසායක සහ AdStudio අධ්‍යක්ෂ සුබෝධ පෙරේරා  විසින් මෙම පද්ධතියේ තාක්ෂණික සැලසුම සහ ඉදිරියේදී සාමාජිකත්ව (Memberships), ගෙවීම් පදනම් කරගත් විශේෂාංග (Subscriptions) සහ පුද්ගලාරෝපිත අත්දැකීම් සඳහා මෙය යොදාගත හැකි ආකාරය විස්තර කළේය.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුළුල් අවධානය  

කොළඹ පැවති මෙම එළිදැක්වීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, දත්ත ආරක්ෂණ අධිකාරිය (Data Protection Authority), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), FITIS නියෝජිතයන් මෙන්ම ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සමාගම් සහ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රධානීහු රැසක් සහභාගී වූහ.  

ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) බලාත්මක වෙමින් පවතින පසුබිමක, පාඨකයාගේ පෞද්ගලිකත්වයට සහ කැමැත්තට (Consent) මුල්තැන දෙමින් දේශීය ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රය මෙලෙස පොදු එකඟතාවකට පැමිණීම කාලෝචිත පියවරක් ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයේ විද්වත්හු සලකති.

වැඩිදුර තොරතුරු සඳහා :

Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Jayomi Lokuliyana
CEO – TruePass / AdStudio.cloud


නිල වෙබ් අඩවිය: AdStudio.cloud Solutions & TruePass  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්