leader s

සෙල්ලම්වලට ප්‍රසිද්ධ අමාත්‍යංශයක මේ දවස්වල ඇතුළෙ ලොකු නිහඬ සටනක් දියත් වෙලා කියල කියැවෙනව.


ඒකට හේතුව අමාත්‍යංශයෙ උපදේශන මට්ටමේ ඉන්න රටේ බලවත් තැන් සමඟ ඉතා සමීපව කටයුතු කරන චන්ද්‍රයා වගේ ප්‍රසිද්ධ උපදේශකතුමෙක් මේ අමාත්‍යංශය යටතේ තිබෙන එක්තරා ආයතනයක ලොක්කෙක් අස් කරන්න කරන බලපෑම බවයි ආරංචි.

මේ විදියට අස් කරන්න කියන ලොක්ක කලකට පෙර ප්‍රකට ක්‍රීඩාවක් නිසා රටේ ජනප්‍රියම චරිතයක් වුණත් පස්සෙ කාලෙ ඔය ක්‍රීඩාව ගැන කියපු කරපු දේවල් නිසා දැඩි විවේචනයකට ලක්වූ කෙනෙක්ය කියල සමහරු කියනව. මෙයා රණකාමී දේශපාලන පවුලකින් එන හිටපු ඇමැති සයිස් මහත්තයෙක්...

කොහොමින් කොහොම හරි උපදේශකතුමයි ඔය ආයතන ප්‍රධානියි අතරෙ තිබෙන ගැටුමට දැන් විෂය භාර ඇමැතිතුමා කොටුවෙලා හරි ජරමරයක්ලු වෙලා තිබෙන්නෙ.

සටනෙ ඉන්න දෙපාර්ශ්වයම බලවත් නිසා ළඟදි ලොකු ගින්නක් පත්තු වෙන්න අවශ්‍ය පසුබිම හැදෙමින් තිබෙනවලු..

මේ වැඩේ පත්තු වුණොත් හරියට ගලි බවුසරයක් පෙරළුණා වගේ වෙයි කියල ඒ ගැන තතු දත් අය කියන්න පටන් අරන් තිබෙනව.


(deshaya.lk)

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්