leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසියේම දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

සැලකිය යුතු වෙලාවක් දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇති බවද වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එහිදී හදිසියේ සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර එය සිදුවු ආකාරය ගැන දැඩි අප්‍රසාදය ප්‍රකාශ කොට ඇති බවයි.

පොහොට්ටුව සතුව තිබූ අමාත්‍ය ධූරයන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනකු අතට පත් කිරීම ‌හිටපු ජනාධිපතිවරයාගේ මෙම අප්‍රසාදයට හේතු වී ඇති බවද දැනගන්නට ඇත.

“ඔබතුමාට මේ ආණ්ඩුව කරන්න වගේම තනතුර රැකගන්නත් සහාය දෙන්නෙ පොහොට්ටුව,ඒක අමතක කරන්න එපා” යැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙනවා.

(asianmirror.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්