leader s

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් ලබන මාසයේදී සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ  විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බවද දැනගන්නට ඇත.

මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව පවසන එම ආරංචි මාර්ග, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අමාත්‍ය ධුර  සඳහා මන්ත්‍රී ලැයිස්තුවක් කලකට පෙර සිට ඉදිරිපත් කර තිබුණත් ඔවුනට ඇමැති ධූර පිරිනැමීමක් මෙතෙක් සිදු නොවූ බව සඳහන් කරයි.

වෙන් වෙන්ව පිහිටා ඇති සමහර ආයතන එක වහලක් යට ගැනීමද  මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලැබුණු පසු ජනතාවට යම් සහනයක් ලබා දෙන අතරේ කැබිනට් මණ්ඩලයේ යම් සංශෝධනයක් කිරීමට  රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්