සෞඛ්‍ය අංශයේ ආයතනවලට බෙහෙත් මිලදීගන්න ටෙන්ඩර් මණ්ඩල ගණනාවක් පත් කරලා තියෙනවා.
ඒ උනාට මේ මණ්ඩලවල ඉන්න අය තීරණ ගන්න මාර බයයිලු.
ඒකට හේතුව කවදා හරි මොනවා හරි පොඩි සුළු වරදක්වුණත් තමුන්ට හිරේ විලංගුවෙ වැටෙන්න වෙයි කියලා.
ඒ හින්දා මේවාට පත්කරපු දොස්තර නෝනලා සහ දොස්තර මහත්තුරු ටෙන්ඩර් බෝඩ් රැස්වෙන දවසට මොකක් හරි කියලා මග අරිනවාලු. හුඟක්ම දොස්තර නෝනලා සමහර දවසට ටෙන්ඩර් මණ්ඩලයට නොඑන්න හේතුව හැටියට අසනීපයි කියල කියනවා ලු..
ඊයේ හොඳ සනීපයට හිටපු අයට අද උනේ මොකක්ද කියලා ඇහුවම හුඟ දෙනෙක් කියන්නේ තමන්ට මාස් ශුද්දිය ඇති වෙලා කියලලු. ඉතින් මොකද කරන්නේ. ටෙන්ඩර් මණ්ඩලය ඊළඟ මාසයට කල් දානවලු.
මේ විදිහට දිගින් දිගටම ටෙන්ඩර් මණඩල කල්යන නිසා ඉස්පිරිතාලවල පුදුම විදිහට බෙහෙත් හිඟයක් ඇතිවෙලා. සමහර ඉස්පිරිතාලවල ඉන්ජෙක්ෂන් කටුවක්වත් නැහැල්ලු. බෙහෙත් නැතුව ලෙඩ්ඩු මැරුණත් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරියටම තියන නිසා බලේ ඉන්න අය සතුටින් ඉන්න බවයි පේන්නේ.







