හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.ඵල්. පීරිස්ගේ නිවසට අද සවස 6.00ට විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු විපක්ෂයේ පක්ෂ
නියෝජිතයින් රැසක්ම කැඳවා ඇති බව වාර්තා වේ.
නාරාහේන්පිට කිරුළ පාරේ පිහිටි ජී. එල් .පීරිස් මහාචාර්යවරයාගේ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ජාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකම නායකයින් පැමිණ සිටින බව ද පැවසේ.
විශේෂයෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ අළුතින් පැන ඇති දේශපාලන කාරණා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මෙම රැස්වීමට සහභාගිවීමට නියමිත විපක්ෂයේ ප්‍රබලයෙකු පැවසිය.
ඔහු පවසන්නේ නොවැම්බර් 21 වෙනි දින නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ "මහා ජනහඬ" රැළිය සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
කෙසේවුවද මෙම ජන රැලියට සහභාගී නොවන බව සමගි ජන බලවේගය, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ හා දිලිත් ජයවීර නායකත්වය දරන සර්ව ජන පක්ෂය දැනටමත් ප්‍රකාශකර ඇත.







