සමගි ජන බලවේගයේ තීරණය නොතකා එම පක්ෂයේ මන්ත්‍රීන් හත් දෙනෙක් ලබන 21 දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට සහභාගි වීමට නියමිත බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රැළිය ආණ්ඩු විරෝධී රැළියක් බැවින් ඊට සහභාගි වීම සාධාරණ බව මේ මන්ත්‍රී පිරිසගේ මතය වී තිබේ. එහෙත් ඔවුන් සෙසු පක්ෂ නායකයන් සමග වේදිකාවට නගින්නේ නැත.
ප්‍රධාන වේදිකාව ඉදිරිපිට ජනතාව සමඟ වෙනම නරඹන්නන් ලෙස සහභාගි වීම ඔවුන්ගේ සැලසුමයි.
කොළඹ, නුවර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බදුල්ල ආදී දිස්ත්‍රික් නියෝජනය කරන මන්ත්‍රීන් මෙලෙස රැලියට සහභාගි වනු ඇති බව වැඩිදුරටත් දැනගන්නට දැනගන්නට ඇත.







