leader s

ඊළඟ වසර වැඩ අධික වසරක් විය හැකි බවට ඉඟි පළ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට සූදානම් වන ලෙස වරුණ රාජපක්ෂට දන්වා ඇත.


රනිල් වරුණ රාජපක්ෂට මෙලෙස දන්වා ඇත්තේ වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාවට වසරක් පිරිම නිමිතෙන් ඊයේ (15) දින හලාවත නගරයේ සංවිධානය කර තිබූ විශේෂ උත්සවයේ දී දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

දිට්වා සුළි කුණාටුව සහ ගංවතුරෙන් පිඩාවට පත් හලාවත ප්‍රදේශයෙ දුදරුවන් ට නොමිලේ පාසල් පොත් සහ උපකරණ බෙදා දීම ද එම අවස්ථාවේ දී සිදු කෙරිණ. එම අවස්ථාවට වරුණ රාජපක්ෂ මෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දු, රංගන ශිල්පි චරිත් අබේසිංහ සහ මාධ්‍යවේදි ශානුක කරුණාරත්න සහාභාගි වූහ.

වරුණ සහ චරිත් මේ වන විට සජබ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කරන අතර ශානුක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

මෙම උත්සවය අවසානයේ දිවා ආහාරය ගනිමින් සිටින අවස්ථාවෙ ශානුක ගේ දුරකතනයට ඇමතුමක් ලබා ගත් හිටපු ජනාධිපතිවරයා වරුණට කතා කිරිමට අවශ්‍ය බව දන්වා ඇත. 

එ විට වරුණ වෙත දුරකතනය ලබා දුන් විට හිටපු ජනපති රනිල් වරුණට සුබපතමින් වසරක වැනි කෙටි කාලයක දී ඩිජිටල් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සතුටුවන බව පවසා ඇත. එමෙන්ම ඊළඟ වසර වැඩ අධික වසරක් විය හැකි බවට ඉඟි පළ කළ රනිල් ඊට සූදානම් වන ලෙස වරුණ රාජපක්ෂට දන්වා ඇත.

ඊට පිලිතුරු වශයෙන් වරුණ පවසා ඇත්තේ දකුණෙහි කදවුරු සියල්ල ම එකතු විය යුතු බවයි. රනිල් වරුණ ට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ කොන්දෙසි විරහිතව තමන් ඊට එකඟ වන බවයි. අනතුරුව යළිත් දිනක අමතන බව සඳහන් කළ රනිල් වරුණගෙන් සමුගෙන ඇත.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්