පහුගිය දවසේ සිද්ධ වෙච්ච විපත්තිය කළමනාකරණය කරන්නයි නැවත රට ගොඩනගන්නයි ආණ්ඩුව ලොකු අරමුදලක් හැදුවා.
ඒක පාලනය කරන්න ආණ්ඩුවේ වගේම පුද්ගලික අංශයෙත් නම් දරු පොරවල් ටිකක් පත් කලා.
මේ කට්ටියගේ පත්වීම් සම්බන්ධව ඊයේ පෙරේදා දවසක නව ජනතා පෙරමුණ කියල දේශපාලන පක්ෂයක් ආණ්ඩුවේ මහ කන්තෝරුවට පැමිණිල්ලක් භාර දුන්නා.
ඒකෙන් කිව්වේ මේ අරමුදල් කළමනාකරණය කිරීමට මේ වගේ ආයතනයක් පිහිටුවීමෙන් ආපදා කළමනාකරණ පනත උල්ලංඝනය වන බවයි .ඒ නිසා මේ පාලක මණ්ඩලය රටේ නීතියට පටහැනි බව ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් කියවුනා.
ඒ වගේම මේ සභාව නිති විරෝධී නිසා ඒකට විරුද්ධවෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නත් පැමිණිල්ල බාර දුන්න නව ජනතා පෙරමුණා ලෑස්ති වෙනවා කියලා ආරංචියකුත් ගියා.
මේ ආරංචිය ගියා විතරයි ඔය පාලක සභාවට පත්වෙච්ච ප්‍රබලම චරිත දෙකක් තනතුරු වලින් අස්වෙන්න ඕනෑ කියලා රහසිගත සාකච්ඡාවක් කළා කියලා ආරංචියි.
පැරැණි රජ කෙනෙක්ගේ නමක් ඇති නම කෙනෙක් සහ රාජකීය පණ්ඩිත උන්නැහේ කෙනෙකුත් මේ දෙන්න අතර ඉන්නවයි කියලා කියනවා.







