leader s

පොලිසිය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන පරීක්ෂණ උපයෝගී කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල චරිත දෙක තුනක් අත්අඩංගුවට ගැනීම උත්සාහයක් ක්‍රියාත්මකව පවතින බව ඉහළ පෙළේ නීති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සම්බන්ධව කියවෙන නම් අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් ඉහලින්ම සඳහන් වන බව වාර්තාවේ. මේ හැර හිටපු ජනාධිපති ලේකම්වරයෙක් හා හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරයකුද මෙම කණ්ඩායමට අයත් වන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

පසුගියදා මෙයට සම්බන්ධ එක්තරා සිදුවීමකින් පසු මෙම ආරංචිය සීඝ්‍රයෙන් පැතිර යෑමට පටන්ගත්තේය. අප වෙත වාර්තා වන ආකාරයට එම සිදුවීම සිදුව ඇත්තේ  පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රජය විවේචනය කරමින් කරන ලද දැඩි ප්‍රකාශයකින් පසුව සභාගැබෙන් එළියට යද්දී ඔහු පසු පසින් පැමිණි ආණ්ඩුවේ ආරක්‍ෂාව සහ නීතිය සම්බන්ධ විෂයන්ට අදාළ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් නාමල්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ "තවත් මාසයක් ඇතුළත තමුසෙ ඇතුලට දමනවා" කියාය.

එවිට නාමල් පවසා ඇත්තේ "පුළුවන් නම් දමනවා මම යනවා නම් යන්නේ තමුසෙත් එක්ක. "කියාය.

මෙම වචන හුවමාරුව සිදුවෙද්දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ද ඒ අසල සිට ඇත.

එම සිදුවීමෙන් අනතුරුව විපක්ෂ ⁣ජ්‍යෙෂ්ඨයෝ මීට හේතු කවරේදැයි සොයා බලා ඇත. ඒ ඒ අවස්ථාවේ ආරංචිවී ඇත්තේ රනිල්, නාමල්, සමන් ඒකනායක සහ සුගීශ්වර බණ්ඩාර යන අය සම්බන්ධව දැඩි පියවරක් ගැනීමට ආණ්ඩුවේ වගකිව යුත්තන් ආරක්ෂක සහ නීති අංශ සමඟ සාකච්ඡා කොට ඇති බවයි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්