ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චංග් සිය සේවය නිමකොට අද (16) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඇය පිටත්ව යාමට දිනකට පෙර එනම් ඊයේ (15 වෙනිදා) දිවා ආහාරය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමග වීම විශේෂත්වයකි.
එම ප්‍රබලයා එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනයි.
එදින දහවල් 12.30ට පමණ ඇමරිකානු තානාපතිනිය රැගත් වාහනය කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් ආසන්නයේ පිහිටි රැජින පාරේ පිහිටා ඇති වජිර අබේවර්ධනගේ නිවසට ළඟා වී ඇත.
ජුලි චංග්, වජිර සහ පවුලේ සාමාජිකයින් සමග දිවා ආහාරය ලබාගැනීම ද විශේෂත්වයක්.
පැය 2 කට ආසන්න කාලයක් වජිරගේ නිවසේ ගත කළ ඇමෙරිකානු තානාපතිනිය වජිර සමග වර්තමාන දේශපාලන තත්ත්වය ගැනද සාකච්ඡා කර තිබේ.
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තාවේ.







